ඩොලර් මිලියන 455ක් ඉපයූ දේශීය කුළුබඩු

Date:

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක ලින්දර මහතා පවසන්නේ පසුගිය වසරේ දේශීය කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455ක් ඉපයූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“කුරුඳු, ගම්මිරිස්, කරාබු, සාදික්කා ඇතුළු කුළුබඩු මෙට්‍රික් ටොන් 58,000ක් අපනයන කිරීමෙන් මේ ආදායම උපයා තිබෙනවා. එම මුදල රුපියල්වලින් ගණනය කිරීමේදී ආසන්න වශයෙන් කෝටි 15,000ක් පමණ වෙනවා. පසුගිය වසරේදී වැඩිම අපනයන ආදායමක් ලැබී තිබෙන්නේ කුරුඳුවලින්. එම අගය ඩොලර් මිලියන 217ක්. මේ මුදල ගැනීමට කුරුඳු මෙට්‍රික් ටොන් 18,200ක් අපනයනය කර තිබෙනවා.

ගම්මිරිස් මෙට්‍රික් ටොන් 11,500ක් අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 75ක් රටට ලැබී තිබෙනවා. ගෝලීය කුළුබඩු වෙළෙඳ පොළේ ඩොලර් බිලියන 13.5ක පමණ මුදලක් සංසරණය වන රටක් ලෙස අප හිමිකම් කියන්නේ එයින් බිලියන 0.5ක කොටසකට පමණයි. මේ වසරේ එම කොටස 0.6ක පමණ අගයක් දක්වා වර්ධනය කර ගැනීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...