අපේ රැහේ ඉදිරි ගමන්මඟට නායකයා විදියට අවහිර කරන්න මම කැමති නැහැ – ඌරුවරිගේ වන්නිල ඇත්තෝ

Date:

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රදේශ කිහිපයකින් ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම ඉදිරිපත් වන බවත් ආදිවාසීන්ගේ අනන්‍යතාවය තහවුරුවන වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදී ලියාපදිංචිකරන බවත් දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ආදිවාසි නායකයා,

“මම නම් කවදාවත් දේශපාලනයට එන්නවත් ඡන්දය ඉල්ලන්වත් බලාපොරොත්තුවෙන්නේ නැහැ. එහෙත් අපේ රැහේ උගත් තරුණ තරුණියෝ, අද කැළේටම කොටුවෙලා ඉන්න කැමති නැහැ. ඔවුන් සරසවි අධ්‍යාපනයට පවා යොමුවෙලා තියෙනවා. උපාධිධාරින් පවා සිටිනවා. ඒ අයගේ ඉදිරිගමන් මඟට නායකයා විදියට අවහිර කන්න මම කැමති නැහැ. ඒ ගමනට මම සුබ පතනවා. දිරි දෙනවා. සහාය දෙනවා. මේ තියෙන පක්ෂ දේශපාලනය ජනතාවට එපා වෙලා. ඒ නිසා මෙවර වෙනත් ස්වාධින පක්ෂයකින් අපේ තරුණ තරුණියෝ කිහිපදෙනෙක් දඹාන, හෙන්නානිගල, රතුගල, පොල්ලබැද්ද යන ගම්මානවලින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා සිටිනවා. වෙනම පක්ෂයක් ලියාපංදිචි කරන්න කාල වේලාවක් නොතිබුන නිසා. ඉදිරියේද අපේම පක්ෂයක් බිහිකරනවා.

පසුගිය මැතිවරණ දිහා බැලුවම පක්ෂ පක්ෂ ඇන කොටගත්තේ ප්‍රචාරක කටයුතුවලදී. එක පක්ෂයක් පෝසටර් අලෙව්වම තවත් පක්ෂයක අය ඒක ගළවනවා. නැත්නම් ඊට උඩින් තම පක්ෂයේ පෝස්ටර් අලවනවා. මේවාට රණ්ඩු වී ගුටි ගහන්නවා. ගහ මරා ගන්නවා. මේ නිසා දඹානේ පෝස්ටර් ඇලවීම මහ පාරේ ලිවීම යනාදිය තහනම් කරන්න මම කටයුතු කළා. අපේ අපේක්ෂකයන් ගෙන් ගෙට ගිහිල්ලා සෙසු අයට ආදර්ශයක් දෙමින් අතිතයේ විදියට බුලත් අතක් දීලා ආචාර කරලා ඡන්දය ඉල්ලන්න පුරුදු කළා. සමහර පක්ෂ ඡන්ද ප්‍රචාරක කටයුතුවලට විශාල මුදලක් වැය කරනවා. ඇයි එහෙම කරන්නේ. බලයට පත්වෙන්න. බලයට පත්වුනාම කිසිම වැඩක් කරන්නේ නැහැ. උදව් ඡන්දදායකයින් අමතක කරනවා. ඒගොල්ල හදන්නේ අපට වැඩ කරන්න නෙවෙයි. ඒගොල්ලන්ගේ සුඛ විවරණය හදාගන්න. මේ ක්‍රමය වෙනස් විය යුතුයි.

සමහරු හිතනවා ඡන්දය අපට අලුත් දෙයක් කියලා. නැහැ ඒක නොදැනුවත් කම නිසා ඇතිකරගත් සිතුවිල්ලක්. ඩඩ්ලි සේනානායක අගමැති තුමාගේ කාලයේ සිටම අපේ ඇත්තෝ ඡන්දයට ඉදිරිපත් වුණා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...