තීරණාත්මක මොහොතේ ඇමති ජී. එල්. ඉන්දීය සංචාරය අරඹයි. ඩොලර් බිලියනයක සහන අපේක්ෂිතයි

Date:

විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ඊයේ (06) පිටව ගියේය.

ඉන්දියාවට පැමිණි ඒ මහතාව මෙරට ඉන්දීය මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් පිළිගනු ලැබිණි.

මෙම සංචාරය තුළදී ජී. එල්. පීරිස් මහතා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, විදේශ අමාත්‍ය එස්. ජයිෂංකර් මහතා සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඇතුළු රජයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින තීරණාත්මක ආර්ථික අර්බුදය හමුවේ ආධාර ලබාගැනීමට අපේක්ෂා කරන ප්‍රධානතම පාර්ශ්වයක් වන්නේ ඉන්දියාව යි. ඇමරිකානු ඩොලර් බිලියනක පමණ සහන ණය ඉන්දියාවෙන් බලාපොරොත්තුවෙන් සිටින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද ප්‍රකාශ කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...