තීරණාත්මක මොහොතේ ඇමති ජී. එල්. ඉන්දීය සංචාරය අරඹයි. ඩොලර් බිලියනයක සහන අපේක්ෂිතයි

විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ඊයේ (06) පිටව ගියේය.

ඉන්දියාවට පැමිණි ඒ මහතාව මෙරට ඉන්දීය මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් පිළිගනු ලැබිණි.

මෙම සංචාරය තුළදී ජී. එල්. පීරිස් මහතා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, විදේශ අමාත්‍ය එස්. ජයිෂංකර් මහතා සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඇතුළු රජයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින තීරණාත්මක ආර්ථික අර්බුදය හමුවේ ආධාර ලබාගැනීමට අපේක්ෂා කරන ප්‍රධානතම පාර්ශ්වයක් වන්නේ ඉන්දියාව යි. ඇමරිකානු ඩොලර් බිලියනක පමණ සහන ණය ඉන්දියාවෙන් බලාපොරොත්තුවෙන් සිටින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද ප්‍රකාශ කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...