මහා ඝන කළු වලාකුළු මැද රිදී රේඛාවක් එළියට ගන්න පුළුවන් පොහොට්ටුවෙන් එන අපේක්ෂකයාට විතරයි – රංජිත්

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිසි වේලාවට කරළියට ගෙන එනු ඇති බව එම පක්ෂයේ විධායක සභා සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

“මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව බොහෝ අයට මාර අමාරුවක් තියෙනවා. මේ රටේ දැවැන්තම පක්ෂයේ විධායක සභාවේ ඉන්න අපට නැති අමාරුවකුත් තියෙනවා. ඒ නිසා ඔය එක එක්කෙනා එක එක වෙලාවට අපි අරයා ගැන සලකලා බලනවා, මෙයා ගැන සලකලා බලනවා, අපි එයාට උදව් කරනවා, එයාට අපි චාන්ස් එකක් දෙමු කියලා කියන අයට, මේ පක්ෂය ආරම්භ කරද්දී හිටපු කීපදෙනාගෙන් එක් අයෙක් විදියට මම කියන්න කැමතියි, අපි හරි වෙලාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කරළියට ගේනවා. මම මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කිව්වා, එකහමාරකට ඉස්සෙල්ලා කිව්වා, අවුරුද්දකට ඉස්සෙල්ලා කිව්වා, පහුගිය දෙසැම්බරේත් කිව්වා. එනිසා හොඳට මතක තියාගන්න මේ මහා ඝන කළු වලාකුළු මැද රිදී රේඛාවක් එළියට ගන්න පුළුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයාට විතරයි. එනිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් අනුර දිසානායක මැතිතුමාටත් තව මේ ජනාධිපතිවරණයට ඉල්ලනවාය කියන අපේක්ෂක මහත්ම මහත්මීන්ටත් අපි කියන්නෙ අපේ වැඩපිළිවෙලවල් ජනතාව ඉස්සරහා තියමු. පොලිටිකල් ගොසිප් අතාරින්න. එන්න රට හදන වැඩපිළිවෙල ගැන කතා කරන්න”

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (06) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...