මහා ඝන කළු වලාකුළු මැද රිදී රේඛාවක් එළියට ගන්න පුළුවන් පොහොට්ටුවෙන් එන අපේක්ෂකයාට විතරයි – රංජිත්

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිසි වේලාවට කරළියට ගෙන එනු ඇති බව එම පක්ෂයේ විධායක සභා සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

“මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව බොහෝ අයට මාර අමාරුවක් තියෙනවා. මේ රටේ දැවැන්තම පක්ෂයේ විධායක සභාවේ ඉන්න අපට නැති අමාරුවකුත් තියෙනවා. ඒ නිසා ඔය එක එක්කෙනා එක එක වෙලාවට අපි අරයා ගැන සලකලා බලනවා, මෙයා ගැන සලකලා බලනවා, අපි එයාට උදව් කරනවා, එයාට අපි චාන්ස් එකක් දෙමු කියලා කියන අයට, මේ පක්ෂය ආරම්භ කරද්දී හිටපු කීපදෙනාගෙන් එක් අයෙක් විදියට මම කියන්න කැමතියි, අපි හරි වෙලාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කරළියට ගේනවා. මම මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කිව්වා, එකහමාරකට ඉස්සෙල්ලා කිව්වා, අවුරුද්දකට ඉස්සෙල්ලා කිව්වා, පහුගිය දෙසැම්බරේත් කිව්වා. එනිසා හොඳට මතක තියාගන්න මේ මහා ඝන කළු වලාකුළු මැද රිදී රේඛාවක් එළියට ගන්න පුළුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයාට විතරයි. එනිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් අනුර දිසානායක මැතිතුමාටත් තව මේ ජනාධිපතිවරණයට ඉල්ලනවාය කියන අපේක්ෂක මහත්ම මහත්මීන්ටත් අපි කියන්නෙ අපේ වැඩපිළිවෙලවල් ජනතාව ඉස්සරහා තියමු. පොලිටිකල් ගොසිප් අතාරින්න. එන්න රට හදන වැඩපිළිවෙල ගැන කතා කරන්න”

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (06) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...

රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පැය 24ක් තුල...

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: අත්අඩංගුවට ගෙන සිටින හිටපු...