*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම

අශෝක ජයතුංග

පෙබරවාරි, 07 වොෂින්ටන් LNW : 🎀මාස 06 කින් ජවිපෙ ට වෙන දේ…?

🎀කපටි නරියාගේ කටින් ලිස්සපු රහස…?

🎀”රටේ ආණ්ඩු දෙකක් නෑ”. අන්තරේ රනිල්ගෙන් ඉල්ලං කෑම.

🎀රනිල්ගෙන් කැළණියේදී සුපිරි බණක්…??

🎀රනිල් ජවිපෙ අනුරට කී රහස….?

🎀හතරේ සීමාවෙන් එළියේ ඉදගෙන ක්‍රිකට් ගහන හැටි ඉගැන්නීම හා ජවිපෙ…..?

🎀ඇමෙරිකන් මහින්ද ගෙන් වොෂින්ටනයේ අමුතු තාලේ නිදහස් සැමරුම්….!

        ජනපතිලාට යනවා නම් දින 364 පුරාම පාටිය. රනිල් ට පොතක් කියවීම, නෙත්ප්ලික්ස් හි චිත්‍රපටි බැලීම ලොකුම ආතල් එකය. ඒත් ඔහුගෙන් “ජනාධිපති නීතීඥ” කලුකබා ඇඳගත් 10 කගේ පාටි පෝළිමක් විය.

        රොමේෂ් ද සිල්වා ගේ පුත්‍ර ඉරාජ් ගේ වැඩේ නැගලා ගියේය. ඊට චන්ද්‍රිකා සාගල හරීන් මෙන්ම සජබ හර්ෂ හා සේනසිංහ ද පැමිණියහ.

     ජනපතිවරණයට තරඟ කරනවාද යන පැනය එළියට ආ නිසා නිර්පාක්ෂික පොදු අපේක්ෂක ලෙස එන බව කපටි නරියාට සගවාගත නොහැකි විය.

     “ඉක්මනට ඡන්දෙ තියන්න”මාළිමා වටගල කීවේය.

      “ඡන්දෙ තියන හැටි මම අනුරට කිව්වා.එයා ඔයාට ඒක හංගල නේ” කපටි නරියා කීවේ කොචොක් එකටය.

     “අපේ කෙනා අපි දිනවනවා” වටගල අතඇරියේ නැත.

      “තව මාස 06 කින් ඔයාලත් අපේ පැත්තෙ” රනිල් කීවිට සමහරු සිනාසුන ද සමහරු කරකවා අතහැරියේය.

      ඒ අතරේ සාගල ඇමතුමක් දී මෙරට ධීවරයන්  හා යාත්‍රාවක් සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගෙන බව ජනපතිට කීය. වැඩේ කරන හැටි, කතාකලයුතු අය හා දෙස් විදෙස් ආයතන ගැන සාගලට ටියුෂන් පාරක් දුන් ජනපති “එම පවුල් වල අයට බය වෙන්න එපා කියන්න”යයිද පැවසීය.

    එම මෙහෙයුමට නැවක් යැවීමට ද ඔහු තීන්දු කල අතර එය යැවීමට පෙර සී ෂෙල්ස් බලකායක් පිරිස හා යාත්‍රාව බේරාගෙන තිබිණ.

      අලුතින් ඇමතිකම් නොදීමට ගෙන තිබූ තීන්දුව පවත්වා ගනිමින් මියගිය ඇමතිගේ වගකීම් ෂෂීන්ද්‍ර හා ලොහාන්ට පැවරීමට ජනපති තීන්දු කළේ පොහොට්ටුවේ අදහස් ද විමසීමෙන් පසුවය.

      එජාප කටයුතු හරිහැටි ඉටු නොවීම ගැන රනිල්ට මළ පැන්නේ කළමනාකරණ කමිටුවේදීය.යම් ප්‍රගතියක් ඇත්තේ දිස්ත්‍රික් 4 – 5 කය. ඒවා රංගෙ ගෙ වැඩය.

     “ඹින කුදයක් ගහගනිල්ලායි” නොකීව ඔහු නැගිට ගියේය.

     “ඔබතුමා ජනාදිපති තරගෙට එනවා කියනකම් මේක පිකප් වෙන්නෙ නෑ” හැමෝම කීවේ එවැන්නකි. රනිල්ට හිතැති පොහොට්ටුවෝ කියන්නේ ද එවැනිම එකකි.

    “ලොක්කට ඡන්ද වැඩක් නෑ.රට ගොඩදැමීමයි පිටරට යන එකයි තමයි ඔිනෑ” අයෙක් කීවේ සිනාමැදය.

     “පර්ත් වල තියෙන ස්ථාවර ඉන්දියානු සාගරයක් සඳහා වන ‘ඉන්දියානු සාගර සමුළුවට’ 08 දා ලොක්ක යනවනේ. එහිදී එළිවිණ.කල්දැමූ පාර්ලිමේන්තුව විවෘත කරන දා රට දෙදරන නිවුස් තියේවි කියල ලොක්ක කිව්වා” එහිදී කියවින.

     රේගු දිනයදා ජනපතිගේ කතාව පුවත් මැවූවකි. තායිලන්තය සමග වෙළෙද ගිවිසුම නිදහස් දිනට පෙරදා අත්සන් කරන බව කී ඔහුගේ ඊලඟ කරුණ සියලු පක්ෂ වල අවධානයට යොමුවිය යුත්තකි.

      “බලය ගැනීම හා රට ගොඩනගන වැඩ පිළවෙලක් එක්ක හැම පක්ෂයක්ම ඡන්දෙට ඒම අත්‍යවශ්‍යයි. බොරු පොරොන්දු වලින් රට අනාථ වුණා”ඔහු වනලා ගැහුවේ අවශ්‍ය අයට තොප්පිය දාගත හැකි පරිදිය.

     “රනිල්… උඔ කැළනි සරසවියට ආවොත් බලාගෙනයි” අන්තරේ සිසුන්  තගක් දැම්මේ නිදහස් අධ්‍යාපනය ලබන අතරේ රටේ පාළනය ද ඔවුන් සතු බව සිතාදැයි පැහැදිලි නැත.

     “මේකට යන්නම ඔින”කපටි නරියා සිය ආරක්ෂක ප්‍රධානීන්ට කීය.

     එහි ගිය රනිල් තමා මුල්ගල තැබූ දැවැන්ත ගොඩනැගිල්ල විවෘත කළේය. රැස්ව සිටි ගිහි පැවිදි අයට ථේරවාද බුදු දහම ගැන ඔහු හොඳ බණක් ද කීවේය.

      “පෞද්ගලික සරසවි වලට විතරක් නෙවෙයි තමන්ගෙ සරසවිය දියුණු වෙනවටත් මෙයාල අකමැතියි.රට හදන්න ඉල්ලන්නෙ මෙහෙම අයද” ඇදුරන් රැසක් කීවේ එවැන්නකි.

        “මට ආරාධනා කරපු හාමුදුරුවරු එපා කිවිව නම් මම එන්නෙ නෑ.රටක ආණ්ඩු දෙකක් නෑ” කපටි නරියා මහ දවල් අන්තරේ සිසුන්ගේ රෙදි ගැලෙව්වේ ය.

     බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයට ගිය ජනපති පිරිස හා කතාබහ කළේය.

     “අන්තරේ යන්න කිව්වම ගෝටා ගියා වගේ ඔබතුමාත් හැංගේවි කියල හිතන තරමට සිසුන් අඥාණයි” එහිදී කියවින.

     “කැළනි සරසවියට මුදල් දෙන්න ඉන්නෙ.මොකද මට ඔය පළාතෙ හතර මායිං පුරුදුයි.සිසුන් සල්ලි ඉල්ලන්න ඔින” නරියා සිසුන්ට දුන්නේ කොචොක් “හූ” හඬක්දැයි දන්නේ නැත.

    “මිනිස්සුන්ට ඉක්මන් සහන, ඉඩම්, නිවාස අයිතිය දෙන එක කඩිනම් කරන්න! ජනපති කීවේ ජනතාවට සැබෑ ආදරයෙන් මිස ඡන්ද පෙට්ටි මතක් වෙලාදැයි දන්නේ නැත.

      “සජබ උද්ගෝෂණේ සාම්ප්‍රධායිකයි.ඒකට ගහලා පොලීසිය අනවශ්‍ය පබ්ලිසිටි දුන්නා” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

     “ජවිපෙ දැන් දිනල ඉවරයි. දිව්රුම් දෙන්න අගවිනිසුරු රැකගන්න ඔින කියලත් ලාල්කාන්ත කියනවා” ආශු කීවේ සිනා මැදය.

    “ක්‍රිකට් වල හතරෙ සීමාවෙන් එළියෙ ඉදගෙන කි මි 140 ට එන බෝලෙට ගහන හැටි අරවින්දටත් කියාදෙන අය ඉන්න රටේ  මාළිමාවෙ හා ජවිපෙ කාඩර්ලත් රට හදන්නෙ ඒ විදියටයි” මනූෂ කීවිට ජනපති ද තොල් විකා ගත්තේය.

     “ලාල්කාන්ත ගෙ කටින් පනින්නෙ ජවිපෙ ඇතුලෙ අර්බුදයි” අයෙක් කීය.

      වොෂින්ටන් හි මුල්වරට නිදහස් සමරු දෙකකි. එකක් ලාංකිකයන් සමග තානාපති පරිශයේ දීය.  අනෙක ලාංකීය සංවිධාන 04 ක සමරුව හා සංස්කෘතික උළෙලය. එම දෙකටම මැදිහත් වෙන ඇමෙරිකන් මහින්ද ගේ අලුත් තාලේ වැඩේ ගැන ලාංකිකයන් දැඩි සතුටට පත්ව  තිබේ.

    සබරගමු ආණ්ඩුකාර නවීන් හැමදා නිහඩව යමක් කරන්න කැපවෙන අයෙකි. බුදුදහමට කල මෙහෙය අගයමින් රාමඤ්ඤ නිකාය “දේශකීර්ති ශාසනාභිමානී” ගෞරවනාමය නවීන් ට පිදීමට තීන්දු කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan