9 වැනි ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ!

කොළඹ LNW:09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (07) රාත්‍රීයේ චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී චීන ජනාධිපතිවරයා 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹීමේ නිල ප්‍රකාශය සිදු කළා. මෙවර ක්‍රීඩා උළෙලේ තේමාව ශීත ඍතුවේ සිහිනය: ආසියාවේ ආදරයයි. සාමය, සංවර්ධනය හා මිත්‍රත්වය කෙරෙහි ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාව ඉන් පිළිබිඹු කෙරෙනවා.

ආසියානු ඔලිම්පික් කවුන්සිලය හා විවිධ රටවල නියෝජිත කණ්ඩායම්වල පොදු උත්සාහය යටතේ චීන හා ආසියානු ලක්ෂණයන්ගෙන් යුත් අසිරිමත් ක්‍රීඩා උළෙලක අත්දැකීමක් ලෝකයට සමීප කරමිනුයි මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල අතිඋත්කර්ශවත් ලෙස ආරම්භ වුණේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...