ආර්ථික විශේෂඥයින් යැයි කියාගන්නා පිරිස මේ වන විට රට විනාශ කරමින් සිටින අතර යුද්ධ නොකර රටක් විනාශ කරන හැටි මේ විශේෂඥයින්ගෙන් දැන් ගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
එම විශේෂඥයින්ට වඩා හොඳට වෛද්‍යවරුන්ට එම කාර්යයද කළ හැකි බවයි බෙල්ලන මහතා සඳහන් කරන්නේ.
බදු පිට බදු ගැසීමට ආර්ථික විශේෂඥ උපදෙස් අවශ්‍ය නැති අතර නව බදු ප්‍රතිපත්තියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ද විරුද්ධ බව හෙතෙම කියාසිටියි.
සාමාන්‍යයෙන් වැඩවර්ජන කිරීම සිය සංගමයේ ක්‍රියාපටිපාටිය තුළ නොමැති නමුත් මේ වන විට පවතින තත්ත්වය අනුව ක්‍රියාත්මක සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩවර්ජනයේ ආසාධාරණයක් නොමැති බවයි බෙල්ලන මහතා අවධාරණය කරන්නේ.
ආශිකා බ්‍රාහ්මණ