*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

සුන්බුන් වූ තූර්කියේ තරුණ ක්‍රීඩාව ගොඩ නඟන්නෙමු – ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානි තෝමස් බැච් පවසන්නේ තූර්කිය සහ සිරියාව කේන්ද්‍ර කර ගනිමින් වූ විනාශකාරී භූමි කම්පා අවස්ථාවට ජාත්‍යන්තර ඔලිම්පික් සංගමයෙන් දිය හැකි විශාලතම සහයෝගය ලබා දෙන බවය.
මෙම අනතුර නිසා තූර්කියේ අනාගත ක්‍රීඩාව හැටියට දිස්නය දෙමින් තිබූ නැඟී එන තරුණ ක්‍රීඩා තරු විශාල ප්‍රමාණයකට ජීවිතය අහිමි වි ඇත.එසේම එවැන්නන් අද සිටින්නේ තම සමීපතමයන්,ප්‍රියයන්ගෙන් වෙන්ව දුරස්වය.
මේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන ඔලිම්පික් සභාපතිවරයා, “විපතට පත් ප්‍රදේශවල ක්‍රීඩා තරඟවලට සහභාගී වෙමින් සිටියදී මියගිය හෝ බලපෑමට ලක් වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුල්වලට අපගේ හදවතේ ශෝකය සහ සාමදානය ප්‍රදානය කරනවා.ස්වභාවික ව්‍යසනයේ වඩාත් ඛේදනීය තත්ත්වය තමයි තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට ගොදුරුව සිටීම බව පවසන්නේය.

සඳුදා රික්ටර් පරිමාණයේ 7.8 ක විශාල භූමිකම්පාවක් ඇති වූ අතර ඉන් පැය කිහිපයකට පසුව තවත් 7.5 ක භූමිකම්පාවක් ඇති විය. අඟහරුවාදා උදෑසන තුන්වන කම්පනය මැග්නිටියුඩ් 5.7 ක ප්‍රබලතාවයකින් සිදු වූ අතර, මුළු මරණ සංඛ්‍යාව දැන් 20000 පසු කර ඉදිරියට යමින් පවතියි.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනූ මල්ලව පොර සූර ටාහා අක්ගුල්,සිය සහෘදයන්ගේ පණ උදුරාගන්න සැරසෙන මාරායාට එරෙහි වන්නට පැමිණෙන ලෙස උදව් ඉල්ලා ඇත්තේ තම ක්‍රීඩා සමාජය බිමට සමතලා වෙද්දී ඒ යට සිරවුණු ක්‍රීඩකයින් තිස් හතළිස් දෙනෙක්ගේ ජීවිත වෙනුවෙන්ය.
ඝානාවේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සු මේ දිනවල තූර්කියේ වෘත්තිය පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරයි.ඔහුද සිය එකළොස්වන මහලේ සිටියදී භූමි කම්පාවට ගොදුරු වී ඇත.මිතුරු සාදයක සිටි බොහෝ රෑ බෝ වී පැමිණි ක්‍රිස්ටියන් භූමිකම්පා අනතුර ඇති වන මොහොතේ අවදියෙන් සිටින්නට ඇති බව තහවුරු කරන්නේ අට්සුගේ ලක්ඩන් නියෝජිත නානා සේචෙරේ ය. මන්ද ඊට විනාඩි විස්සකර පමණ පෙර ඔහු සිය මහල් නිවාසයට පැමිණ ඇති අතර විනාඩි විස්සකට පෙර සංවාදයේ ද යෙදි ඇත.
සේචෙරේ ගේ අදහස සනාත කරමින් මේ වන විට වාර්තා වන්නේ ඔහු ප්‍රාදේශීය රෝහලක අනතුර නිසා ප්‍රතිකාර ලබන බවය.

එසේම ජනප්‍රිය තූර්කි පාපන්දු ලෝලීන් අතර ප්‍රකට දැල් රකින්නෙක් වන එයුප් තුරුක්අස්ලාන් මේ වන විට ජීවිතය අතහැර ගොස් ඇති බව සොයාගෙන ඇත. Yeni Malatyaspor කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ එයුපි පමණක් නොව එම ක්‍රීඩා සමාජයට තවත් කී දෙනෙක් අහිමිව ඇද්දැයි සැක සහිතය.මන්ද මොහොතින් මොහොත ජිවත්ව සිටින බව සිතන පිරිස්ගෙ පන සුන් සිරුරු කැනීම් අතර මතුවන නිසාය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan