*
Friday, April 19, 2024
spot_img

Latest Posts

රහස් ගබඩාවක් සැඟවෙයි

ලංකාවේ පමණක් නොව ලෝකයේ ද බොහෝ ප්‍රකට නමක් ලෙස ව්‍යාපාර කේෂ්ත්‍රයේ පතළ කිරාන් අතපත්තු ජීවිතයට සමුදුන්නා.දේශපාලනයේදී මෙන්ම ක්‍රීඩා කේෂ්ත්‍රයේදි ද පුවත් මවන්නෙක් වූ,දෙස් විදෙස් සම්මානයෙන්පිදුම් ලද කිරාන් අතපත්තු ව්‍යාපාරික චරිතය, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කේෂ්ත්‍රයට සම්බන්ධව විවිධ පරිපාලන කටයුතුවලට ද දායක වී සිටියා.මලල ක්‍රීඩාව සහ රගර් ක්‍රීඩාව ඒ අතරින් කැපී පෙණුන අතර ඒ වගකීම් සඳහා ව්‍යාපාරිකයෙක් ලෙස කිරාන් අත්පත් කරගෙන සිටි කීර්තිය හරහා සමීප වුණ දේශපාලන සබඳතා විශාල වශයෙන් බලපෑවා.

අතිශයින් සමීප වූ දේශපාලන සබඳතා රැසක් සහ ඒ හා බැදුණු රහස්‍යමය තොරතුරු දත්ත රැසක් සඟවාගෙන සිටි අයෙක් හැටියට කිරාන් අතපත්තු ප්‍රසිද්ධ වුවත්,ඔහු සිය සමීප ප්‍රභූ දේශපාලන සබඳතාවලට හානි කර අයුරෙන් කටයුතු නොකරපු විශ්වාසවන්තයෙක් හැටියට ජිවිතය නිමාවන තුරුම කටයුතු කළා.මහින්ද රාජපක්ෂ සමාගම අතිශයින් සමීපව ඇසුරු කළ ද 2015 වසරේදී කිරාන් අතපත්තු එම දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් පත් වූ යහපාලන රජය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිඳු කරන්නට ක්‍රියා කළා.එදා ජනාධිපතිවරණය දින ජිවිත ආරක්ෂාව වෙනුවෙන් පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොල්වත්තක සැඟව සිටි බව පසුව ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශයෙන් පසුව ජනමාධ්‍ය හෙළිදරව් කර ගත් පරිදි එම පොල්වත්ත පිහිටි නිවස කිරාන් අතපත්තුගේ බව සඳහන් වුණා.

ජාත්‍යන්තර නාවික කටයුතුවලදී අළුත්වැඩියා කිරිම් කටයුතු සහ සේවා සැපයීමේදී ඉමහත් කීර්තියක් අත්පත් කරගෙන සිටි,කළම්ඹු ඉංජිනියරින්ග් සමාගමේ සේවාවවන් සම්බන්ධයෙන් දේශිය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද ඇගයිම් රැසකට හිමිකම් කියන්නට කිරාන් අතපත්තු සමත් වුණා. කිරාන් හා සබැඳි බොහෝ දේශපාලන සබඳතා සහ හිතවත්කම් සඳහා හේතු වුණේ ද,සිය ආයතනය හරහා ප්‍රශස්ථ සේවයක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ආයතනයක් හැටියට ශ්‍රී ලංකාවට ද ආඩම්බර විය හැකි තත්ත්වයක් උදා කළ ව්‍යාපාරිකයෙක් වීමයි.


ජීවිතයේ බොහෝ ප්‍රවෘත්ති මවන නමක් බවට පත්ව, 90 දශකයේ සිට 2015 පමණ වන තෙක්ම සමාජය ඉදිරියේ පෙනි සිටියත්, ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම මලල ක්‍රීඩිකාවක් වන මේනකා වික්‍රමසිංහ සමඟ විවාහ විමෙන් ඉනික්බිතිව, කිරාන් අතපත්තු වැඩි අවධානයක් සිය පවුල කෙරෙහි යොමු කිරීමට කටයුතු කළා.ජගත් ආරක්ෂක සේවා ක්‍රීඩා සූරතාවලියක ශ්‍රී ලංකාව දිනූ ඉහළම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට දිනා දුන් ක්‍රීඩිකාව වන මේනකා වික්‍රමසිංහ 2007 දී එම දස්කම සිඳු කරා.ආසියානු කුසලානය දිනා දුන් ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙණ්ඩිස්ට ඉහළ නිලයක් පිරිනැමුව ද ලෝකයක් ඉදිරියේ මීටර් 400 කාන්තා ඉසව්ව තත්පර 52.93 දී හමාර කළ මේනකා වික්‍රමසිංහට සිඳු වූයේ සාජන් මේජර් ධූරයෙන් සිමා වන්නයි.

ඉනික්බිති මේනකා සුළු කාලයකට පසුව ඇයගේ අවසාන ජාත්‍යන්තර තරගාවලිය ලෙස 2010 බංගලාදේශයේ පැවති දකුණු ආසියාතික තරගාවලිය නිමා කර මලල ක්‍රීඩාවට සමු දුන්නා.අනතුරුව කිරාන් මේනකා කැදැල්ලේ වටිනාම ඉපැයිම බවට පත් වූ දරුවා සහ සැමියා සමඟ කොළඹින්බැහැරව ඇයගේ ගම්පියස ආසන්නයේ නිහඬ ජීවිතයක් ගත කළා.
කිරාන් අතපත්තුගේ දේහය සම්බන්ධ අවමංගල කටයුතු පෙබරවාරි 11 වන දින පවුලේ සුසාන භූමියේදි සිඳු කිරීමට නියමිතයි.ඒ ඉබ්බාගමුව,කිරිඳිගල්ල,කුඩා ඔය වත්තේදී යි.



නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan