*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව කියපු විදිහටම පරදියි

https://sinhala.lankanewsweb.net/02/08/43157/
(අප මේ තබන සටහන කියවා ගැනීමටනම්,ඉහත සබඳතාවය හරහා ගොස් ඊයේ තැබූ මේ සටහන කියවිය යුතුය.)

කාන්තා 20/20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර තරගය පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු ප්‍රමාණයේ සුළු හිඟයක් නිසා කඩුලු හතරකින් පරාජය විය.නමුත් ඉනෝකා රණවීර සහ කවීශා දිල්හාරි ජයග්‍රහණය පමා කරමින් හොඳ පීඩනයක් කොදෙව් කණ්ඩායමට ලබා දෙන්නට මූලිකත්වය ගත්හ.


ඉණිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු සුපුරුදු පරිදි පැමිණියාය.නමුත් පන්දු හතරකදී එක ලකුණක් ලබා සිටියදී ඇය පිටියෙන් නික්ම ගියාය.එතැන් පටන් පිතිකාරිණියන්ට පීඩනයක් නැති බව පෙන්වීමට උත්සාහ කිරීම හැර,පිඩනයක් නැතැයි කීමට නොහැකිය.කණ්ඩායමේ පළපුරුදුම සහ ලෝක මට්ටමේ සිටින ඉහළම ක්‍රීඩිකාවක් වන චමරි ට අත්දැකිම් සමඟ අසීරු අවස්ථාවක්දි මුහුණ දීමට ඇති හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන්ට නැත.එහි ප්‍රතිපලය ඊයේ ද දකින්නට ලැබිණ.නමුත් මේ තත්ත්වය තේරුම් ගෙන පියවර දෙකකින් පමණ පස්සට ඒමට චමරි සූදානම් නොවීම මෙන්ම කණ්ඩායම් පරිපාලනය එය දැක දැක තීරණය නොකිරිම ගැටළුවක්ය.


අප කියූ ආකාරයෙන්ම හර්ෂිතා,විශ්මි සහ හොඳම ඉණිම ක්‍රීඩා කළ නිලක්ෂි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූවරුවට සාපේක්ෂව ගත් විට හොඳ දායකත්වයක් දැක් වීය.එහිදී, කවීශා කල්හාරි ද වෙලාවට ගැලපෙන හොඳ ඉණිමක් දියත් කළේය.නමුත් ශ්‍රී ලංකා ඉණිමට පන්දු ඕවර් 20 තුළ යාමට හැකි වූයේ සියල්ල දැවී ලකුණු 107 ක් දක්වා පමණය.
පිළිතුරු ඉණිම කොදෙව්වන්ට පහසු එකක් නොකරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ වග බලා ගත්හ.නමුත් අත්දැකිම් සහිත කොදෙව් නායිකාව, හේලී මැකිව්ස් පිටියේ රැඳෙමින් පන්දු 48 ක් තුළ ලැබූ ලකුණු 50 නිසා එක පසෙකින් කොදෙව් ඉණිම ශක්තිමත් කිරීමේ පදනම වැටිණ.ඇය දැවී ගියේ 18 වන පන්දු ඕවරයේදී ය.ඒ දක්වා කොදෙව් ඉණිමට සාමාන්‍යයෙන් අයත් විය යුතු පන්දු 108 න් පන්දු 48 ක්ම මුහුණ දී තිබුණේ හේලි ය.ඇය දැවෙන විට ඔවුන්ට අහිමිව තිබුණේ කඩුලු හයකි.පන්දු ඕවර් 2 ක් තුළ ලකුණු 14 ක් වූ ඉලක්කයට පිවිසිමේදී පන්දු 10 ක් ගෙවෙන තැන එය ඉටු කර ගන්නට කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ.ඒ අනුව කඩුලු හතරක ජයක් ඔවුන්ට අත් විය.සමහර විට ඊයේ ඕෂධී රණසිංහ ද මේ කණ්ඩායමට එක්ව සිටියානම් ප්‍රතිපලය අනිත් අතට වෙනස් වන්න්ට ද ඉඩ තිබිණ.එහිදී චමරි පන්දු ඕවර් කිහිපයක් සුදුසුම තැනෙකදි යවන්නත්,කෞෂිනි නාත්‍යාංජනා වැනි පිතිකරණයේ දක්ෂ තවත් ක්‍රීඩිකාවක් යොදවා පිතිකරණ අංශය ඉහළට ගෙන ආ හැකිදැයි විමසිමත් පරික්ෂා කරන්න තිබුණ අවසන් අවසථාව ද අප අතහැර ගත්තේය.


නිලක්ෂි ද සිල්වා ද පන්දු යැවීමේ හපනියක්ය.ඇයව ද ද පූර්ව සූදානමක් සහ පුහුණුවක් ඇතිව පන්දු යැවිමට යොදා ගැන්මට තිබිණ.එවිට තවත් පිතිකාරිණියකගේ සහය ද ශ්‍රී ලංකාවට ගැනීමට හැකියාව ඇත.අවුරුදු 19 න් පහළ තරගාවලියට දෙවම් විහංඟා තෝරා ගැනීමේදි ඇයගේ හැකියාවන් සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් සහ විශ්වාසයක් තබා ගන්නට ජාික තේරුම් කමිටුවට දැණුමක් සහ අවබෝධයක් තිබුණේ නම් ඇය මේ කණ්ඩායමේ සිටින්නට තිබිණ.එසේ වුවේනම් කවීශා මෙන්ම දෙව්මි ද පිත්තෙන්ද පන්දුවෙන්ද විශාල බලපැමක් ප්‍රතිවාදීන්ට එල්ල කරනු සැක නැත.


අපට දිගින් දිගටම යෝජනා කරන පරිදි චමරි අතපත්තු ප්‍රවේශම් කර ගැනීම වැදගත්ය.ඇය තුළත් ඇය නිසා කණ්ඩායම තුළත් පීඩනයක් ඇති නොවන ආකරයට චමරිව භාවිතා කිරීමෙන් ශ්‍රී ලංකාවට මේ කුසලානය ස්පර්ශය කිරිමේ හැකියාවක් සහ අවස්ථාවක් ඇති බව අපි පෙර කී සේ ම නැවතත් කියන්නෙමු.
පහතින් තරගයේ ලකුණු පූවරුවට පිවිසිය හැකිය.ඡායාරූපයේ සිටින කොදෙව්වන්ට එරෙහිව ඉහළම ලකුණු ලැබූ නිලක්ෂි පන්දුවට පහර දෙන අවස්තාවක්ය.
https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-warm-up-matches-2022-23-1356652/sri-lanka-women-vs-west-indies-women-1356661/full-scorecard

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan