අපේ ඉල්ලීම් මුවාවෙන් විසදාගත්තේ කාගේ ප්‍රශ්නයක් ද කියල දැන් පැහැදිලියි! (VIDEO

Date:

ආණ්ඩුව විසින් ඊයේ දින ඉදිරිපත් කරන ලද බදු සංශෝධනය පිළිනොගන්නා අතර වෘත්තිකයින්ගේ ඉල්ලීම් මුවාවෙන් විසඳා ගෙන තිබෙන්නේ කාගේ ප්‍රශ්නයක්ද යන්න පැහැදිලි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේය.

ඒ, අද (09) ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන බදු සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වෘත්තිකයින් ලෙස බදු නොගෙවිය හැකි බවට කිසිලෙසකින්වත් පවසා නැති බවත් ඉල්ලා සිටින්නේ සාධාරණ බදු ප්‍රතිපත්තියක් බවත් වීරරත්න මහතා සඳහන් කළේය.

එවැනි වංචනික චක්‍රලේඛ වලට විද්වත් වෘත්තිකයින් ලෙස මුලා නොවන බවත් සිය ඉල්ලීම් දිනාගන්නා තුරු පය පසුපසට නොගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදී.

”අපි දන්නවා ඔය පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද? ඔය 225 කියන්නේ මොකක්ද? කියන එක. අපට ඔවුන්ගේ අරමුණ පැහැදිලියි. පහුගිය කාලේ අපි දැක්කා හිටපු ඇමතිවරයෙක් වන හර්ෂ ද සිල්වා මැතිතුමා කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද,ඔවුන්ගේ නිල නිවාස දීමනා,ටෙලිෆෝන් දීමනා,කාර්ය මණ්ඩල දීමනා වැනි මුදල්මය නොවන වරප්‍රසාද වලට වහ වහා බදු අයකරන්න ඕනේ කියල. අපට තේරෙන්නේ නැහැ ඇයි එහෙම කිව්වේ කියල. මේ ඇවිත් තියෙන සංශෝධන දිහා බැලුවහම අපේ ඉල්ලීම් මුවාවෙන් කාගේ ප්‍රශ්නයක්ද විසඳා ගෙන තියෙන්නේ කියල ජනතාවට පැහැදිලි වෙන්න ඕනේ. අපි කිසිසේත්ම මේ යෝජනාවට එකනග වෙන්නේ නැහැ.” යනුවෙන් වීරරත්න මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ?

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය...

කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...

කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර...