පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලිට, නජිත්ට පහරදෙන අය ඉල්ලන්නේ මර්දනයයි – මාලිමා ගීතිකා

Date:

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශන සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ මතභේදාත්මක සිද්ධියේදී මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ඇතුළු මාධ්‍යවේදීන් සහ ඔවුන්ට සහාය දක්වමින් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්මාලි හේමචන්ද්‍ර සහ නජිත් ඉන්දිකට එරෙහිව අදහස් දැක්වූ අය ඉල්ලා සිටින්නේ පසුපස සිට මර්දනය ගෙන එන්නැයි යනුවෙන් බව ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වන ගීතිකා ධර්මසිංහ පවසයි.

ගීතිකා ධර්මසිංහ විසින් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ තැබූ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.


ෆේස්බුක් ලෝකය තුළ කසුන් පුස්සවෙල Kasun Pussewela ඇතුළු මාධ්‍යවේදීන් සහ ඔවුන්ට සහාය වෙමින් අදහස් දක්වන පිරිස Lakmali Hemachandra නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ වෛද්‍ය නජිත් ඉන්දික Najith Indika මන්ත්‍රීවරුන්ගෙන් ‘යුක්තිය’ ඉල්ලා සිටින ඉල්ලීමෙහි තවත් යමක් තිබෙයි. එනම් ඔවුන් අසන ප්‍රශ්නය ඔබ ඔබගේ බලය භාවිත නොකරන්නේ මන්ද යන්නයි.

ප්‍රශ්නය වී ඇත්තේ මේ ආණ්ඩුව පෙර පැවති ආණ්ඩු මෙන් සිය බලය යොදා නීතිපතිට කෝල් කර, විනිසුරුවරුන්ට කෝල් කර, පොලිස්පතිට කෝල් කර නිදහස් කළ යුත්තේ කව්රුන්දැයි, තබා ගත යුත්තේ කව්රුන්දැයි කියන්නේ නැති වීමය.

මන්ත්‍රීතුමිය, ලක්මාලි හේමචන්ද්‍ර, මන්ත්‍රීතුමා, නජිත් ඉන්දික මේ ඔබට ප්‍රහාර එල්ල කරමින් ඉල්ලා සිටින්නේ පිටිපස්සේ සිට මර්ධනය ගෙන එන්න කියාය.

ඔබ සංවාදයට එන සෑම විටම සමානාත්මතාවය පිළිබඳ පැරණි දේශපාලනයේ බල රේඛා බිඳ වැටෙයි. බොහෝ පිරිසකට එය දරා ගැනීමට නොහැකිය. ඒ නිසා මේ ඉල්ලීම් ඔබට පැහැදිලි කර කිව යුතුය:

“කරුණාකර පිටිපස්සේ සිට මර්ධනය ගෙනෙන්න.”
“2/3 බලය අත්විඳින්න! එය ක්‍රියාත්මක කරන්න!”
“ඔබ ලොක්කන් බව පෙන්වන්න”
“ඔබ පරිණත මර්ධකයින් බව පෙන්වන්න!
“පව සඳහා පරිණත වෙන්න”!
“පන්සල් යන ඝාතකයෙක් වෙන්න”!
“‘පින’ පිටුපස ඇති පවෙහි විශාලත්වය මේ පිරිසට පෙන්වන්න”!

*ලක්මාලි හේමචන්ද්‍ර, ඔබට අමතන සමහර ආමන්ත්‍රණ සඳහා පිස්තෝලයක් ඉනේ ගසාගෙන වැඩට බැස්සත් කම් නැත!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය ත්‍යාගය නිසා ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රු. මි. 1.5ක මුදලක ඉතිරියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : ඉන්දීය යුද හමුදාපති...

අභාවප්‍රාප්ත හිටපු පා.ම. නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු ලබන 21 දා..

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : අද (18) අලුයම...

පාකිස්තානයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ කරච්චි නුවර...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...