බිහිසුණු බස් අනතුරකින් හතර දෙනෙක් මරුට. 20කට වැඩි පිරිසකට තුවාල !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු බස් අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මරණයට පත්ව තිබේ.

කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසක් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක් මරණයට පත්ව ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. ඔවුන්ගේ මෘත දේහ කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

පසුපසින් පැමිණි බස් රථයේ අධික වේගය මෙම අනතුරට හේතුවී ඇතැයි දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී ඇති අතර දොරටියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...