ජනපතිගේ රාජාසන කතාව වර්ජනය කළ හේතුව විපක්ෂ නායක සජිත් පහදයි (VIDEO)

Date:

රට විනාශ කළ රට බංකොලොත් කළ රාජපක්ෂලාව රකින් අලි පොහොට්ටු සන්ධානය නියත වශයෙන්ම පරාජය කළ යුතු බවත් ඊට අමතරව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ මුදල් වියදම් කර කෘතීමව ව්‍යාජ රැළි නිර්මාණය ජනතාව ඇන්දවීමට තවත් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් ද ජනතාව අවධානය යොමු කර ඒ රැලිවලට නොරැවටී සිටින ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

තමා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළේ ජනතාවට දිගින් දිගටම එල්ල කරන පීඩනයට විරුද්ධව බවත්, ජනතාවගේ ජන ජීවිත විනාශ කරන රාජාසන කතාවලට නොරැවටී ජන ජීවිත විනාශ කර මේ පාලනයට එරෙහිව නුදුරේදීම කොළඹට ජන ගඟන් සමඟ පැමිණෙන බවත් විපක්ෂ නායකතුමා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගියදා (07) කෑගල්ල පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේදීය.

අලි පොහොට්ටු ආණ්ඩුවට කියා සිටින්නේ මේ රටේ ජනතාවට කරදර කරන්න, බදු පිට බදු නොගසන්න, විදුලි බිල වැඩි නොකර සිටින ලෙස ඉල්ලා සිටින බවත් කෙසේ හෝ මේ අලි පොහොට්ටු ආණ්ඩුව එලවා දැමීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

මේ රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පරපුරට කිසිදු ප්‍රශ්නයක් නොමැති වුවත් රාජපක්ෂලාගේ වහලුන් බවට පත් වූ ලක්ෂ 220ක් වූ ජනතාව අනාත වී ඇති බවත් මෙවන් මොහොතක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 2019 වගේ නැවතත් ඇන්දවීමට රැවටීමටක් නොවී සමාජ මාධ්‍ය හරහා කෘතීමව නිර්මාණය කරන සමාජ මාධ්‍ය රැළිවලට වසන් නොවී මේ රටේ සමස්ත ජනතාව ජීවත් කරවන පොදුජන යුගයකට වරම ලබා දෙන්න කියා ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : ගෝලීය බෝරා සමුළුව...

දිල්නිගෙන් යළිත් වාර්තාගත පිම්මක් – හොරණ තක්ෂිලාවේ මිටියෙන් වාර්තා දෙකක්

නිශ්මං රණසිංහ ජුනි 13, කොළඹ LNW: දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී...

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු හමුදාපතිවරයෙකු වන ජනරාල් හැමිල්ටන් වනසිංහ...

ජුනි පළමු දින 10 ට විදෙස් සංචාරකයින් 44,000ක් ඇවිත් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 ජුනි මාසයේ පළමු දින 10...