නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වූ එරාජ්ට ලුණු සභාපතිකමටත් පොල්ලක් ?

Date:

ලංකා ලුණු සංස්ථාවෙහි සභාපති ධුරය සඳහා හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාව පත්කිරීමට නියමිත බැවින් ඒ මහතා පෙබරවාරි 10 වනදා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි පසුගිය 02 වනදා වාර්තා කළෙමු.

එම පුවත සනාථ කරමින් එරාජ් ප්‍රනාන්දු මහතා අද (10) පැවති හම්බන්තොට නගරසභාවේ මාසික රැස්වීමේදී සිය නගරාධිපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කෙසේවෙතත් මේ වනවිට උද්ගත වී ඇති තත්වය අනුව ඒ මහතා බලාපොරොත්තුවෙන් සිටින ලංකා ලුණු සංස්ථාවෙහි සභාපති ධුරය ද ඒ මහතාට නොලැබන ලකුණු පහළ වී ඇති බවයි ආරංචිමාර්ග කළේ.

ඒ, තම සමීපතම හිතවතෙකු වන නිශාන්ත සඳබරණ මහතාව ලුණු සංස්ථා සභාපති ධුරයෙන් ඉවත් කිරීමට සිදුවීම සම්බන්ධයෙන් නොපහන් සිතින් පසුවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සභාපති ධුරය චමල් රාජපක්ෂ මහතාගේ ගෝලයා වන එරාජ් ප්‍රනාන්දුටත් ලබා නොදිය යුතුය යන ස්ථාවරයෙහි පසුවීම නිසා ය.

සබැඳි පුවත් –

ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...