උසස් පෙළට සුදුසුකම් නොලද සිසුන්ට වෘත්තීය පුහුණුව!

Date:

2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව අ.පො.ස උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කොට තිබේ.

ඒ අනුව 2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් නොලද සංඛ්‍යාව 98000 ක් පමණ වන අතර එයින්,ගණිතය විෂයය අසමත් නමුත් පසුව සමත් වීමේ පදනම මත අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන් හැර ඉතිරි පිරිස ඉලක්ක කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අ.පො.ස. උසස් පෙළ සඳහා සුදුසුකම් නොලද සිසුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනා ගෙන ඔවුන්ගේ කුසලතා, හැකියා හා රුචිකත්වය අනුව වෘත්තීය පුහුණු දීමට මෙහිදී අපේක්ෂා කරයි.

එමෙන්ම අවශ්‍යතාව අනුව ජාතික යොවුන් සේනාංකය හා ජාතික තරුණ සේවා සභාව වෙත ද යොමු කරනු ලබන අතර ලබන අතර මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...