ඉන්දියානු ආරාධනයෙන් පෙන්නුම් කළේ අප ගැන තිබෙන ජනතා විශ්වාසයයි – AKD

Date:

කොළඹ LNW: පාර්ලිමේන්තුවේ යතුර වෙනුවට මෙවර බලය අත්පත් කරගැනීමේ අරමුණින් ඊට ආදළ සැලසුමක යෙදී සිටින හෙයින් ඉන්දියාවෙන් ලද නිල සංචාරය සඳහා වන ඇරයුම එහි දිගු පියවරක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

සිය ඉන්දීය නිල සංචාරය අතිශයින් ඵලදායී බවට මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි දිසානායක මහතා ඒ බව සඳහන් කරන්නේ.

මෙම නිල සංචාරය බලෙන් ඉල්ලා ගත් එකක් බවට ඇතැමුන් පවසන අතර එය අපහාසාත්මක දේශපාලන චෝදනාවක් බවද ඔහු කියාසිටියි.

”තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහගන්න දැන් අපේ ඉන්දීය සංචාරය ගැන විකාර කියනවා. ඒ අය අපේ මේ සංචාරය මාස ගණන් හිතේ හිතෙන විදිහට තලු මරයි. ඔය කියන අයට විශාල ලෙස රිදිලා තියෙනවා අපේ සංචාරය. අපි රටවල් වලින් සංචාර හිඟාකමින් යන ව්‍යාපාරයක් නොවෙයි. අපේ දේශපාලනයේ වර්ධනය හා අපේ ශක්තිය හමුවේ ඒ ඒ රටවල් වලින් අපට ලැබෙන පිළිගැනීම තමයි මේ ඉන්දීය මධ්‍යම රජයෙන් කළ ආරාධනයෙන් පෙන්නුම් කරන්නේ. පාර්ලිමේන්තුවේ ඇතුලේ අපිට තියෙන්නේ මන්ත්‍රී ධුර තුනයි. හැබැයි පාර්ලිමේන්තුවේ අපිට තියෙන නියෝජනය නොවෙයි මේ ආරාධනයට බලපෑවේ. අපේ රටේ ජනතාව තුළ අප පිළිබඳව ලියැවී ඇති මතය යි ඒ ආරාධනයට බලපෑවේ. අපි පිළිබඳව වන සෑම සමීක්ෂණ වාර්තාවකම අපි ජනතාව තුළ තහවුරු වී ඇති ප්‍රමාණය ලියැවී තියෙනවා. ඒ අතර බලය ලබා ගැනීමට සුදානම් පුළුල් ජනතා ව්‍යාපාරයක් ලෙස අපි ජාත්‍යන්තර සම්බන්ධතාවයන් ගොඩනැඟීමට විවිධ පියවර අරගෙන තියෙනවා. ඒ පියවරයන්ගේ සාර්ථකභාවය තමයි මේ එක් ආරාධනයෙන් පෙන්නුම් කරන්නෙ.”

ඉන්දියානු නියෝජිතයින් අතර පැවති සකචජවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආණ්ඩුව පිළිබඳව සාකච්ඡාවක් සිදු නොවුණ නමුත් මෙම වසරේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිත බවත් ඊට මුහුණ දීම ගැන සාකච්ජා කළ බවයි දිසානායක මහතා කියාසිටින්නේ.

‘ඒ හැර විවිධ රහස් සාකච්ඡා හෝ මැතිවරණයන් ගැන මොකක් හෝ ප්‍රකාශ කරන්න ඇති කියලා සමහරු හිතුවට එවැනි විශේෂ සාකච්ඡාවක් අපි දෙපාර්ශවය අතර මැතිවරණ සම්බන්ධව විශේෂ සාකච්ඡා එතැනදි සිදුවුණේ නැහැ. ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබුණා. ලංකාවේ වර්තමානයේ ඇති ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ඉන්දීය රාජ්‍යයෙන් ලබා දිය හැකි උපරිම සහායන් ලබාදෙන බවට ඔහු පොරොන්දු වුණා. ඔහු කිව්වෙ දැනට යම් ප්‍රමාණයක මැදිහත් වීමක් තිබෙනවා සහ ඉදිරියේදී එය වැඩි කිරීමට සූදානම් කියලයි. අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් විශේෂයෙන්ම අත්පත් කරගෙන තියෙන ජනතා කැමැත්ත, අපේ ප්‍රතිපත්ති, අපේ වැඩ පිළිවෙල, වේගයෙන් ගොඩනැගෙමින් තිබෙන පුළුල් ජාතික ව්‍යාපාරය මේ ඉන්දියානු සංචාරයට ඉවහල් වූ බව. අපේ දේශපාලන ව්‍යාපාරය කෙරෙහි මේ රටේ සුවහසක් ජනතාව තැබූ ඒ විශ්වාසයේ කොටසක් තමයි මේ ඉන්දීය ආරාධනය තුළත් දකින්න තියෙන්නෙ.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...