*
Friday, April 26, 2024
spot_img

Latest Posts

”සල්ගාදු පිටියට අපි ජනතාව ගෙනාවේ නැහැ. ජනතාව පෙළගැහිලා ආවා” – මන්ත්‍රිනී රාජිකා කොවිඩ් ව්‍යාප්තිය පැහැදූ හැටි (VIDEO)

”සල්ගාදු පිටියට අපි ජනතාව ගෙනාවේ නැහැ.ජනතාව පෙළගැහිලා එනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සැබෑ ලෙසම ජනතාව ගැන හිතන රට ගැන හිතන නායකයෙක් ඒ නිසා තමයි ජනතාව පෙළගැහිලා ඇවිත් ජනතාව ඒ රැස්වීමට සහභාගී වුණේ” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය පැවසුවේය.

ඒ, අද (11) ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සංවිධානය කරන මාධ්‍ය හමුවේදීය.

කොවිඩ් වසංගතය හමුවේ උද්ඝෝෂණ වැනි මහජන ඒකරාශිවීම් සඳහා පාරට නොබසින ලෙස මන්ත්‍රීවරිය වෘත්තියවේදීන්ගෙන් ඉල්ලා සිටි අතර එහිදී මාධ්‍යවේදියෙකු විමසුවේ අනුරාධපුර සල්ගාදු පිටියට විශාල ජනතාවක් ඒකරාශී කර රැස්වීම් පවත්වන විට කොවිඩ් ව්‍යාප්ත වන්නේ නැද්ද යන්නයි.

ඊට පිළිතුරු ලෙසයි මන්ත්‍රීවරිය උක්ත ප්‍රකාශය සිදුකළේ.

මන්ත්‍රීවරිය පෙන්වාදෙන්නේ කොවිඩ් වැනි වසංගතයක් පවතින විට වෘත්තීයවේදීන් වැනි උගත් කණ්ඩායමකට සිය වෘත්තීය ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ වැනි විරෝධතා වලට එක්වීම සුදුසු නැති බවයි.

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසුවේ කොවිඩ් ව්‍යාප්ත වන්නේ උද්ඝෝෂණ වලින් පමණක්ද යන්නයි.

”උද්ඝෝෂණ වලින් විතරක් නෙවෙයි කොවිඩ් බෝවෙන්නේ. හැබැයි යම් දෙයක් කරන විට අපි සෞඛ්‍ය නීති රීති උපදෙස් අනුව තමයි මේ සියලුම දේවල් අපි සංවිධානය කරන්නේ. ඒ නිසා උද්ඝෝෂණ කිරීමේදී එකට එකතු වෙලා අපි දැක්කා බොහෝ පිරිසක් එකට එකතුවෙලා ලං වෙලා කතාබහ කරනකොට මේ දේවල් පැතිරෙනවා වැඩියි. ඒ නිසා තමයි කියන්නේ මේ කාලවකවානුවේ උද්ඝෝෂණ කරන එක රටේ ආර්ථිකයටත් බලපානවා.” යනුවෙන් ද ඇය ඊට පිළිතුරු දෙන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan