අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

එම නියෝගය නිකුත් කර ඇත්තේ මෙරට කාන්තාවන්ට සහ පිරිමින්ට ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව තම අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීම සඳහා පහසුකම් සලසමින් පසුගිය රජයන් සහ වර්තමාන රජය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සහ චක්‍රලේඛ නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම සලකා බැලුණු අතර ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත රණවිරුවකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම ජූලි මස 20 වැනිදා යළි සලකා බැලීමට නියමිත අතර දන්වමින් එහි වග උත්තරකරුවන්ට සතියක් තුළ නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...