*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

උෂාන් හොඳ පිම්මකින් 2023 ට වැඩ අල්ලයි

නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ගෘහස්ථ සහ එළිමහන් උස පැනීමේ ඉසව්වන් හී ජාතික වාර්තා උසුලන උෂාන් තිවංක පෙරේරා 2023 තරග වාරය අරඹමින් දකුණු කැරොලිනා ප්‍රාන්ථයේ ප්‍රථම ගෘහස්ථ ධාවන පථය සේ සැළකෙන ක්ලෙමසන් හී පැවති ටයිගර් පෝ ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ උස පැනීමේ ඉසව්ව ජය ගන්නට සමත් විය.මෙම තරගාවළිය පෙබරවාරි 10 සහ 11 යන දෙදින තුළ පැවත්විණ.

මෙහිදි වඩාත් වැදගත් වූයේ උෂාන් තරගයට සහභාගි වූ විශ්වසනීය ආකාරය ය.ඔහු මීටර් 2.11 න් සිය පැනීම ආරම්භ කළ අතර ඔහු විසින් ඉන් අනතුරුව පැනීම සඳහා තෝරා ගත් මීටර් 2.19 සහ 2.22 යන උස ප්‍රමාණයන් පහසුවෙන්ම අභිබවා ගියේය.පිමි හතරකින් මීටර් 2.25 ක දක්ෂතාවයට පිවිසි උෂාන් එහිදී එක් වරක් පමණක් මීටර් 2.25 ක් උස පිම්මකදී අසාර්ථක විය.

මෙහිදී උෂාන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට උත්සාහ කළ ටෙරි ඇලන් මීටර් 2ත11 පිම්ම දෙවරකදී ද,මීටර් 2.22 පිම්ම දෙවන අවස්ථාවේදී ද තරණය කළේය.ටෙරී මීටර් 2.25 උස තරණය කළේ තෙවන උත්සහයේදී ය.ටෙරි උෂාන් අභිබවා යාමේ උවමනාවෙන් මීටර් 2.31 ක උසක් ද උත්සාහ කළ නමුත් එය එක උත්සාහයකින් පසුව අත හැර දැමීය.

මෙහිදී මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු විය යුත්තේ උෂාන් තරණය කළ පිම්ම කෙරෙහි පමණක් නොවේය.ඔවුන් ඔහු විසින් එම උස ප්‍රමාණය සඳහා සමීප වූ ආකාරයේ ඇති ආත්ම විශ්වාසය ගැන ද පැනීම් සිදු කර ඇති ආකාරය අධ්‍යයනය කරමින් අවධානය යොමු කළ යුතුව ඇත.එයින් ඔහු මේ තරග වාරයට කෙතරම් විශ්වාසයකින් ජයග්‍රහණය වෙනුවෙන් සූදානම් වී ඇද්ද යන්න ගැන අවබෝධයක් ගෙන උෂාන්ගේ ඉදිරි තරග අනුග්‍රහ සහිතව සංවිධානය කරන්නට අවධානය යොමු කළ යුතුය.ඒ සඳහා මලල ක්‍රීඩා ලෝලීන්ගේ දැන ගැනීම පිණිස ද පළමු තිදෙනාගේ දක්ෂතා සටහන් ප්‍රතිපල ලේඛණය මේ සමඟ දක්වා ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan