*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

නාවික සෙබළුන්ට පරාජය – සෙබළියන්ට ජය

නිශ්මං රණසිංහ

කොළඹ (LNW): නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් සූරතාවය යටතේ පැවති කාන්තා සූරතාවය සඳහ වන තරගාවලියේ තරගයකදී නාවික හමුදා කාන්තා රගර් කන්ඩායම සීආර් ඇන්ඩ් එෆ්සී කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 34 -00 ක ජයක් වාර්තා කරන්නට සමත් විය.එම පිරිමි තරගාවලියේ ප්‍රධාන සූරතාවය වෙනුවෙන් පැවත්වෙන තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර නියෝජනය කරන නාවික හමුදා පිරිමි කණ්ඩායම සහ සීආර් ඇන්ඩ් එෆ්සී පිරිමි අතර තරගයේ ජයග්‍රහණය හිමි වූයේ සීආර් කණ්ඩායමටය. එහිදී ලකුණු සටහන දැක් වුණේ 37 – 17 ක් ලෙස ය.

මෙම තරග දෙකම තුරඟ තරග පිටියේදී පැවති අතර එහි කාන්තා තරගය ජය ගැනීම වෙනුවෙන් නාවික හමුදා ක්‍රීඩිකාවන් උත්සාහක දිණුම් හයකින් සහ එහි ප්‍රවර්ථන දෙකකින් සිය කණ්ඩායමේ ලකුණු 34 සාර්ථක කර ගැනීමට දායක විය. ශානිකා මදෝලි එම උත්සාහක දිණුම් හයෙන් හතරක්ම ලබා ගනිමින් සහ දෙකක ප්‍රවර්ථන සිඳු කරමින් ලකුණු 34 න් 24 ක් ම නාවික හමුදා කණ්ඩායමට ලබා දෙන්නට පෙරමුණ ගත්තාය. ඉතිරි උථ්සාහක දිණුම් දෙක නාවික හමුදාව වෙනුවෙන් වාර්තා කළේ නිපුනි වර්ෂවිතාන සහ සමන්තා ජයමාලි ය.

කාන්තා කණ්ඩායම මෙන්ම තරගයේ මුල් අර්ධයේ සීආර් කණ්ඩායමට එරෙහිව හොඳ සටනක් දිය හැකි තත්ත්වයක් පෙන්වන්නට නාවික හමුදාව සමත් වුව ද,තරගයේ දෙවන අර්ධයේදී සියලු ගෞරව සීආර් ක්‍රීඩකයෝ හිමි කර ගත්හ. තරගය අවසාන විට ලකුණු 37 – 17 ක් දකවා ලකුණු 20 ක පරතරයක් හදා ගන්නට සමත් වූ සීආර් ක්‍රීඩකයින් අතරින් උත්සාහක දිණුම් හයක් වාර්තා විය. ඉන් උත්සාහක දිණුම් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර ගන්නට සමත් වූ මොහාන් චතුර එක් නිදහස් පහරකින් ද සීආර් ලකුණු පූවරුව ඉහළ දමන්නට දායක විය. වාර්තා වූ උත්සාහක දිණුම් හයෙන් දෙකක්ම වාර්තා කළේ චමෝද් මුතුනායක ය. සෙසු උත්සාහක දිණුම් හතර ලහිරු පවිත්‍ර,ලසිඳු කරුණාතිලක,රුචිර ඒකනායක,තේනුක නානායක්කාර අතර එක බැඟින් බෙදි ගියේය.

නාවික හමුදා කණ්ඩායමේ ලකුණු 17 සඳහා අදීශ වීරතුංග,නිරෝෂ් පෙරේරා සහ සමිත් ධනංජය එක උත්සාහක දිණුම බැඟින් උත්සාහක දිණුම් තුනක් එකතු කළේය.ඉන් එක් උත්සාහක දිණුමක් සාර්ථක ලෙස ප්‍රවර්ථනය කරන්නට තිළිණ වීරසිංහ සමත් විය.

10 වන දා ද නිපොන් ජාතික රගර් ලීග් තරගාවලියේ පළඟ සූරතාවය සඳහා සටන් වදින පොලිස් කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම් අතර අතිශයින් තියුණු සහ උණුසුම් තරගයක් පැවත්විණ.පොලිස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී ප්‍රථම අර්ධය නිමා වුණේ ලකුණු 7 බැඟින් දෙපිළම ලබා සිටියදී ය.දෙපිළේම ආරක්ෂාවට සිටි පිරිසගේ බලපෑම ඉහළින් තිබුණ අතර දෙවන අර්ධයේදී සත්කාරකයන්ට එක ලකුණක් ඉදිරියට එන්න හැකි විය.ඒ අනුව තරගයේ අවසාන ලකුණු පූවරුව 15 -14 ක් ලෙස පොලිසියට ජය ගෙන දෙමින් නිමා විය.

තරගයේ දී පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් දෙකක් වාර්තා විය.ඒ හේෂාන් තිලකරත්න සහ ප්‍රින්ස් චාමර වෙතින් ය.චාමර ඊට අමතරව ඩ්‍රොප් ගෝලයකින් ද පොලිසියට ලකුණු එකතු කරන්නට සමත් විය. එක් උථ්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කර දෙමින් යොහාන් පීරිස් ද පොලිස් ලකුණු පූවරුව ක්‍රියාත්මක කරන්නට දායකත්වය දැක් වීය.

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ඉජාස් අහමඩ් සහ මනෝජ් කුමාර උත්සාහක දිණුම් වාර්තා කරන්නට සමත් විය.එම උථ්සාහක දිණුම් දෙකම සාර්ථකව ප්‍රවර්ථනය කරන්නට චමත් ප්‍රනාන්දු සමත් වුවත් යුද හමුදාවට තරගය නිමා වෙද්දී එක ලකුණක් පසුපසින් සිටිම නවතා ගන්නට නොහැකි විය.

නිපොන් ජාතික රගර් ලීගයේ තීරණාත්මකම සහ ආකර්ශණීයම තරගය දැක ගන්නට ලැබෙන්නේ අදය.ඒ මහනුවර කණ්ඩායම සහ හැව්ලොක්ස් කණ්ඩායම අතර ය.ඉකුත්වසරේ සූරයන් වන මහනුවර මෙවර තරගාවලියේද තවමත් අපරාජිතය. ඒ අපරාජිත බව රැක ගනිමින් මෙවර ද සූරතාවයට සමීප වෙනවා ද නැද්ද යන්න තීරණය කර ගැනීමට අද නිත්තවෙලදී පැවත්වෙන මෙම තරගය කණ්ඩායම් දෙකට පමණක් නොව සමස්ත රගර් ක්‍රීඩාවටම වැදගත්ම වැදගත් තරගයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan