සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටි එකම තනි දේශපාලඥයා මංගල: බුද්ධික පතිරණ

Date:

පසුගිය දින පාර්ලිමේන්තුවේ දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීමේ වටයක් පැවැත්විනි.

මෙම අවස්ථාවට එක්වෙමින් පක්ෂ විපක්ෂ බොහෝ මැති ඇමතිවරුන් හිටපු අමාත්‍යවරයාගේ ගුණ වර්ණනා කිරීම දක්නට ලැබිණි.

දේශපාලන දැක්ම කුමක් වූව ද, ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය වැනි කරුණු බොහොමයකට එක එල්ලේ විරුද්ධ වූ රැඩිකල් මතධාරී තනි සටන්කරුවකු ලෙස සමරවීර මහතා දේශපාලන පිටිය තුළ ඉටුකළ භූමිකාව බොහෝ දෙනෙක් සිහිපත් කළහ.

මෙම අවස්ථාවට එක්වෙමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ කුයර අනන්‍යතා දරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි පළමු සහ එකම ‘තනි දේශපාලඥයා’ මංගල සමරවීර මහතා බවයි.

තමා එම ප්‍රජාවට අයත් පුද්ගලයකු නොවූව ද, ශ්‍රී ලංකාවේ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ කුයර අනන්‍යතා දරන පුද්ගලයන්ගේ මානව හිමිකම් ආරක්ෂා විය යුතු බව තමා ද විශ්වාස කරන බව බුද්ධික පතිරණ මහතා මෙහිදී පවසා සිටියේය.

මංගල සමරවීර මහතා සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ කුයර අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ එම ප්‍රජාවන් හට හිංසනයන් හා වෙනස්කොට සැලකීම් සිදුවන කාලවකවානුවක බව පෙන්වා දෙන බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා, වරක ඇතැම් මන්ත්‍රීවරුන් ඔහුට ‘සමනලයා’ යැයි අපහාස කරන විට තමා එය ආඩම්බරයෙන් බාරගන්නා බව සමරවීර මහතා පැවසූ බව ද සිහිපත් කළේය.

සංස්කාරක (LGBTIQ)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...