*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

විධායක සභාවටත් නොදන්නා නලීන් ඩිල්රෝයිට අවනත වුණේ ඇයි ? වැඩේ දුරදිග යන ලකුණු

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 12 කොළඹ (LNW): Colombo International Rugby 11’s Tournament යනුවෙන් කොළඹදී පවත්වන්නට නියමිත රගර් තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රගර් විධායක කමිටුව හරහා විශාල විරෝධයක් මතුවෙමින් පවතින බව වාර්තා වේ. වත්මන් වැඩ බලන සභාපතිවරයා මේ සම්බන්ධ මාධ්‍ය හමුවට සහභාගිවීම මෙන්ම ඊට අවසර දීම යන කාරණා විධායක කමිුවේ නිසි අවසරයකින් තොරව සිඳු කර ඇති බව එම විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙක්ම අප හා පැවසීය.


හිටපු සභාපතිවරයෙක් වූ ලසිත ගුණරත්න විධායක සභාවේදී මේ සම්බන්ධයෙන් මෙන්ම මහනුවර ක්‍රීඩා සමාජයේ තහනම ඉවත් කර ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර දීම ගැන ද වත්මන් වැඩ බලන සභාපතිවරයාව දැඩීව විවේචනය කරමින් ඔහුගේ මුහුණටම කරුණු දැක් වූ බව ද කියැවේ.විශේෂයෙන්ම මෙවැනි තරගාවලියක් මෙහෙයවීමේ වගකීම පැවරනේනේ ශ්‍රී ලංකා රගර් සම්මේලනයට වන බවත්,එහිදී ශ්‍රී ලංකා රගර් පත්කරනු ලබන නිලධාරියෙකු විසින් මෙහෙයවීම අධික්ෂණය ආදි සියල්ල වෙත වගකිව යුතු බවත් මීට විරෝධය පාන විධායක කමිටු සාමාජිකයෙකු පෙන්වා දුන්නේය.
එසේම තරගාවලිය මෙහෙයවීම සඳහා කටයුතු කරනු ලබන ඩිල්රෝයි ප්‍රනාන්දු 2013 වසරේ දී ක්‍රීඩා අමාත්‍යංශයේ උපදෙස් පරිදි ලසිත ගුණරත්න,කිරාන් අතපත්තු ආදීන් නියෝජනය කළ රගර් පරිපාලනය විසින් ගනු ලැබූ තීරණයකට අනුව ක්‍රීඩා පරිපාලනයකට නුසුදුසු ලෙස නම් කළ අයෙකි.එසේම මේ සියල්ල පසුපස හේතුවක් හැටියට සිය පාසලෙන්ද රගර් සඳහා සම්බන්ධවීමට තහනම් කර ඇති ඩිල්රෝයිට එම තහනම පැනවීමට පදනම් වන කාරණා අතර ඔහු විසින් මේ තරගාවලිය මෙහෙයවීම සම්බන්ධයෙන් භාවිතා කරන ඔහුගේ ක්‍රීඩා ආයතනයද තිබෙන බවත් විධායක කමිටු සාමාජිකයා පෙන්වා දුන්නේය.
එහෙම පුද්ගලයෙක්ට රගර් තරගාවලියක් සංවිධානය කරන්නට නිසි ක්‍රමවේද අනුගමණය නොකර වැඩ බලන සභාපතිවරයා ලබා දී ඇති අවසරය සම්බන්ධයෙන් වන විරෝධතාවය පළමු කොට ක්‍රීඩා අමාත්‍යංශ්‍යට,ක්‍රීඩා අමාත්‍යවරයාට මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද දැණුම් දීමට කටයුතු කිරීමට සැළසුම් කර තිබෙන බව විධායක කමිටු සාමාජිකයා පෙන්වා දුන්නේය.එසේම නීතිමය වශයෙන් විධායක කමිටු සාමාජිකයින් ඉදිරිපත් වී අධිකරණ නියෝගයකින් මේ තරගාවලියට වාරණයක් ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු පැවසීය.


මුල්‍යමය කටයුතු සම්බන්ධයෙන් යහපත් අනන්‍යතාවයක් රහිත පුද්ගලයෙක් සමඟ ශ්‍රී ලංකා රග්බි සතු බලය පාවා දෙමින් එක්ව කටයුතු කිරිමෙන් වැඩ බලන සභාපතිවරයාව ඉවත් කිරීමට හෝ ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉල්ලීමක් කිරීමට හෝ බලයක් ඇතැයි පෙන්වා දෙන විධායක කමිටු සාමාජිකයා, මේ සිඳු කරනු ලබන්නේ රගර් පරිපාලනයට ලබා ගත හැකි විශාල මූල්‍යමය ලාභයක් එයින් ලබා ගත යුතු අවසරය අනීතිකව ලබා ගනිමින් තරග සංවිධායක ආයතනයකට පවරා දීමක් බවය.


“සමහර විට මීය කඩලා අත ලෙවකාලා නැති වෙන්නත් පුළුවන්”
වත්මන් වැඩ බලන සභාපතිවරයාට එරෙහිව සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් අපවාද ප්‍රචාරය කරන්නට හවුල් වූ පුද්ගලයෙක්ට මූල්‍යමය පරිසරයක් ඇතුළේ වැඩ කරන්නට සංගමයේ ව්‍යවස්ථාපිත කරුණු නොසළකා හැර තනි කැමත්තට සංගමයේ කැමත්ත පවරා දීම සම්පූර්ණයෙන්ම සැක සහිත බවත් මෙම විධායක සභිකයා පෙන්වා දුන්නේය.
“මේක ශ්‍රී ලංකා රගර් කතා කරලා,අපේ දිස්ත්‍රික් සංගම්වලටත් ආදායමක් එන විදිහෙ සැළසුමක් ඉදිරිපත් කරලා කරන්න තිබුණ වැඩක්.එහෙම වැඩක් සැකයට භාජනය වූ ආයතනයකට වගේම, වගකීම් දැරීම තහනම් වූ පුද්ගලයෙක්ට කිසිඳු කොන්දේසියකින් තොරව කරගෙන යන්නට ශ්‍රී ලංකා රගර් නොදැනුවත්ව ඉඩ ලබා දීම සම්පූර්ණයෙන් වැරදියි.”
එම විධායක සභිකයා තව දුරටත් පවසන්නේ වැඩ බලන සභාපතිවරයා මිස ඔහු සභාපතිවරයා ලෙස රගර් සම්මේලන නිලවරණයේදී පත් වූ අයෙක් නොවන බවය.සභපාතිවරයෙක් පත්වන තුරු වැඩ බලන්නට දුන්න පුද්ගලයෙක් මේ ආකාරයට ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් සිතන සිතන අන්දමේ තීරණ ගැනීම ලැජ්ජා නැතිකමක් බව පෙන්වා දෙන විධායක කමිටු සාමාජිකයා තමා මෙන්ම බොහෝ විධායක කමිටු සාමාජිකයින් මේ තරගාවලිය ගැනත්,ඊට වැඩ බලන සභාපති නලීන් ද සිල්වා සහභාගිවීම ගැනත්,ශ්‍රී ලංකා රගර් අවසර දුන් බවත් දැනගත්තේ ජනමාධ්‍ය වාර්තා කිරීමෙන් පසුව බවත් පැවසීය.


“ජාත්‍යන්තර රගර් වලින් අපිට එන්න තියෙන විශාල මුදලක් ගන්න දන්නෙ නැතුව ඉන්නවා.අනුග්‍රාහක මුදල් වියදම් කරන්න ගිහිං සෑහෙන්න අවුලක් හදාගෙන තියෙනවා.ඒ අස්සෙ තව දුරටත් ශ්‍රී ලංකා රගර්වල අරමුදලට ආදායමක් ගන්න පුළුවන් තරගාවලියක් ආවාම ඒ ගැන අවධානය යොමු නොකර චෝදනාවලට ලක් වුණ,පරිපාලනයෙන් වාරණ පැනවුණ මිනිහෙක්ට ඒක හොර රහසේ කරන්න දෙනවා.”
මේ කරුණු සියල්ල පදනම් කරගෙන ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යවරයා,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පමණක් නොව නීතිය ඉදිරියේද කරුණු ඉදිරිපත් කිරීමට විධායක කමිටු සාමාජිකයින් බහුතරයක් එකඟ වී ඇති බවත් පෙන්වා දෙන එම විධායක කමිටු සාමාජිකයා,”දේශපාලකයන්ට නෙමෙයි ජාත්‍යන්තරේ එක්කත් ලංකාවේ රගර්වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න සටන් කරපු සභාපති කෙනෙක් වුණ රිස්ලි ඉල්ලියාස් ට මෙවැනි පුද්ගලයෙක් වැඩ බැලීම සඳහා සුදුසුබවට අදහසක් ඇති වීම ඔහුටත් වැරදුණු තැනක්” බව පැවසීය.
“ඉල්ලියාස් කැමති බව දැක්කම ඔහුට තියෙන ගෞරවය නිසා තමයි හුඟ දෙනෙක් නලීන්ට කැමති වුණේ.නැත්නම් අසංගගේ වැඩ නිසා පවුම් 50000 ක් දඩ ගහද්දි ඒවාට විරුද්ධ නොවී නිහඩව හිටිය සභාපති තමයි නලීන්.දැන් පේන හැටියට ඉල්ලියාස්ට විරුද්ධ වුණ පිරිස ඉල්ලියාස්ගෙ පාලනය අස්සට එවපු පිල්ලිය තමයි නලීන්”


ඔහු එසේ පවසන්නේ මේ වන විට රිස්ලි ඉල්ලියාස් නායකත්වය දැරුව රගර් පරිපාලනයේ සිටි නලීන් ද සිල්වා ඒ පරිපාලනයට හාත්පසින් වෙනස් වූ හැසිරිමක් පෙන්වමින් රගර් විධායක සභාවේම හෘද සාක්ෂිය පාවා දෙමින් කටයුතු කර ඇති බව පවසන ඔහු දැන් හැසිරෙන්නේ පිටේ රත්තරන් බැදි කටුස්සෙක් විලසින් බව පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan