කරාපිටිය රෝහල ගැන අමාත්‍ය රමේෂ් ගත් තීරණය!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW):කරාපිටිය රෝහල, ජාතික රෝහලට පසු ඇදන් වැඩිම සංඛ්‍යාවක් සහිත රෝහල බවට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් මහතා පවසයි.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සදහන් කළේ, කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමයේ සාංවත්සරික උත්සවය සහභාගී වෙමිනුයි. ගාල්ලේ පැවති මෙම උත්සවයේදී වකුගඩු ආරක්ෂණ සංගමයේ නිලධාරීන් ඇගයීමට ලක්කිරීම ද සිදුවුණා. එම සංගමයේ නිල තේමා ගීතය ද එළිදැක්වුණි. වකුගඩු රෝගී පවුල්වල දරුවන්ට රුපියල් දස දහස බැගින් වටිනා පාසල් උපකරණ ප්‍රදානය කිරීම සිදු කෙරුණේද මීට සමගාමීවයි.

අමාත්‍යවරයා විසින් සිදුකරන ලද මහජන සේවාව අගයමින් විශේෂ තිළිණයක්ද ප්‍රදානය කෙරුණු අතර, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...