*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මේ වීරවරියන් බිහිවෙන යුගයක් – හරිනි අමරසූරිය

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW): සාධාරණය සිතිය හැකි, ආදරය තිබෙන සියලු දෙනාම එකතු කර ගත යුතු බවත්, මේ වීරවරියන් බිහිවෙන යුගයක් බවත්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

මාලිමාවේ මහනුවර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

ඇය වැඩිදුරටත් පැවසූවේ,

” මේ වීරවරියන් බිහිවෙන යුගයක්. මේක තමයි රටට අවශ්‍ය වෙන වෙනස. 2020 අපි මහනුවර ගැහැනු කිහිප දෙනෙක් එකතුවෙන් සාකච්ඡාවක් ආරම්භ කළා. දීර්ඝ කාලීන වැඩපිළවෙලක ප්‍රතිඵල තමයි මේ. ඉතිහාසය පුරාවට විවිධ දේශපාලන පක්ෂ බලයට ඒම සඳහා ගැහැනුන් පාවිච්චි කර තිබෙනවා. ඒ බල ව්‍යාපෘති තුළ ගැහැනුන්ට කිසිම වටිනාකමක්, නියෝජනයක් ලැබුණේ නැහැ. 1931 ඡන්ද අයිතිය ලැබුණා. අපට පාර්ලිමේන්තුව තුළ 1948 සිට 5% ඉක්මවා ගිය කාන්තා නියෝජනයක් තිබුණේ නැහැ. ජාතික ජන බලවේගයේ අරමුණ වන්නේ, අපව පාවිච්චි කරන යුගය අවසන් කර, අපට වටිනාකමක්, දේශපාලන ජීවිතයක් ඒ සඳහා අවස්ථාවක් උදාකර ගැනීමයි.


ඉතිහාසයේ ප්‍රභූ පංතිය විසින් ආරක්ෂා කළ සමාජ ක්‍රමය තුළින් අපට ලැබුණේ දෙවැනි පුරවැසියන්ගේ තත්වයක්. අපේ හඬක් නඟන්න, සංවිධානය වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අධිරාජ්‍යවාදීන්ගේ හා ප්‍රභූ පංතියේ බලපෑම නිසා අපි ඉතා පටු තැනකට කොටු වුණා. එක්දහස් නවසිය පනස් ගණන්වල, හැට ගණන්වල පැවති වෘත්තිය අරගලවලදී කාන්තාවන් ඉදිරියෙන් හිටියා. බදුල්ල, මොනරාගල ඉඩම් කොල්ලය සිදුවෙන විට එළියට බැස්සේ ගැහැනු. අපේ රටේ ගැහැනු සමාජ සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී ඉඳලා තිබෙනවා. ඒ ගැහැනුන්ගේ ධෛර්යය මත බලයට ආපු සෑම කණ්ඩායමක්ම අවසානයේ ගැහැනුන්ව අමතක කරදැම්මා.

මේ තවදුරටත් අපේ හඬ නොසලකා යා හැකි ගමනක් නොවෙයි. ඔබ අරගල කර ලබාගෙන තිබෙන මේ අවස්ථාව සුවිශේෂිත්වයත් ඓතිහාසික වටිනාකමත් අවබෝධ කර ගන්න. මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. තවදුරටත් ඔබ මත පැටවී තිබෙන පීඩනය ඉවසා ගැනීමේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අපේ දරුවන්ගේ අනාගතය මේ ආකාරයෙන් විනාශ කරන මේ පාලකයන්ට තවදුරටත් ඉඩ දෙන්න බැහැ කියන තීරණය අපි අරගෙන තිබෙනවා. කුණ්ඩලකේශී මන්නයක් අරගත්තාට, අපි මන්නයක් අරගන්නේ නැහැ. අපි කාටවත් කොටන්න යන්නේ නැහැ. ගැහැනු අපට තිබෙනවා ඊටත් වඩා ශක්තිමත්. අපට අසීමිත ලෙස ආදරය කරන්න පුළුවන්. අපට අවශ්‍ය වෙන්නේ ඒ ආදරය හරහා අපට වෙනස් කරන්න පුළුවන් සමාජයක්. මේ සාමූහික ක්‍රියාවලිය තුළ අපි සෑම දරුවෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉපදෙන්න ඉන්න දරුවෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා. එහෙම පෙනී සිටිය හැක්කේ අපි තුළ ඇති අසීමිත ආදරය නිසා. ඒ ආදරය හරහා අපට ලැබෙන සංවිධාන ශක්තිය, දේශපාලන දැනුම හරහා ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකියි. අපට මේ ඩත්වයෙන් පිරුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකියි. අපට මේ පාලකයෝ ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි මේ පෙනී සිටින්නේ, ගැහැනුන් හැටියට අපට ආරක්ෂිතව ජීවත් වෙන්න, දරුවන්ට බලාපොරොත්තුවක් ඇති කරන්න. මේක වෙනස්ම විදිහේ විප්ලවයක්. ලංකා ඉතිහාසයේ මෙතෙක් කල් නොදුටු විප්ලවයක්. කැරැල්ලක්. මොකක්ද මේ කැරැල්ල. කවදාවත් දැනුන්නේ නැති, තමන්ගේ වටිනාකමක් දැනුන්නේ නැති, කවදාවත් තමන්ගේ අගයක් තේරුම් නොගත් ගැහැනුන් තමයි අද එළියට බහින්නේ. ඔබට ලැබී තිබෙන්නේ ඔබට ලැබිය යුතු තැන. මෙතෙක් සමාජය අහිමි කළ තැන ඔබේ ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ලබාගෙන තිබෙනවා. මේක කිසිසේත් ආපසු හැරවිය නොහැකියි.

මේ මැතිවරණ අවුරුද්දක්. අපට ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍යයි. ඔබ ගෙයින් ගෙට යන්න. මෙතනට පැමිණීමට නොහැකි වූ දහස් ගණන් ගැහැනුන් ළඟට යන්න. සාධාරණය සිතිය හැකි, වෙනත් අය ගැන සහකම්පනය තිබෙන, ආදරය තිබෙන සියලු දෙනාම එකතු කර ගන්න ඕනෙ. එකිනෙකා හමුවෙන්න. ඔවුන්ගේ කතාව අහන්න. අනෙකෙකුගේ කතාවට වටිනාකමක් දෙන තැනැත්තෙකු බවට පත්වෙන්න. ඒ තුළ තමයි අපට මේ ව්‍යාපාරය ගොඩනඟාගත හැකිවන්නේ. මේ රට ගොඩනැගීමේදී අපට දැනුම අවශ්‍යයි. අධ්‍යාපනය අවශ්‍යයි. අපි හදන සමාජය මොන වගේ වෙන්න ඕනෙද කියන තීරණය අපි ගන්න ඕනෑ. මේ සමාජය වෙනස් කරන පරපුර බවටත්, එය රන් අකුරෙන් ලියැවෙන ඓතිහාසික පරපුර බවටත් ඔබ පත්වෙනවා” ලෙස කියා සිටියාය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan