මෙතනින් පස්සේ අරගල බෑ – හම්බන්තොට පෙරටුගාමී ගොවි සමුළුවකට ජවිපෙ කඩාපැන විසුරුවයි !

“ගොවිතැනේ කූඩිත්තෝ සහ අම්බරුවෝ” මැයෙන් ගොවිජන සමුළුවක් ඊයේ (12) හම්බන්තොට අඟුණකොළපැලැස්ස උස්වැව ප්‍රදේශයේදී පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සැලසුම් කර තිබිණි.

කෙසේවෙතත් එම ස්ථානයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් ඊට විරෝධය පළකර එම සමුළුව පැවැත්වීම නවතා දමා තිබේ.

ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් එම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබී ඇති අතර එහි පැමිණි ආණ්ඩු පක්ෂය නියෝජන කරන පිරිස් පවසා ඇත්තේ මේ වනවිට ජනතාවගේ ආණ්ඩුවක් බිහිව ඇති බවත් ජනතාවට සහන දී ඇති බවත් ය. තමන්ට රුපියල් 120ක මිල හොඳටම ප්‍රමාණවත් බව සඳහන් කළ ජවිපෙ නියෝජිතයින් තමන්ට හොඳටෝම සාධාරණය ඉටුවී ඇති බවත් සඳහන් කළහ.

රටේ පාලකයින් වී සිටින්නේ ගොවි නායකයින් බවත් ඔවුන් ගොවි ප්‍රශ්න විසඳන බවත් පැවසූ ජවිපෙ කණ්ඩායම තවදුරටත් අවධාරණය කර තිබුණේ තවත් ඉල්ලීමට දෙයක් කිසිවෙකුටත් නොමැති බවකි.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමේ තර්ජන හේතුවෙන් සමුළුව නොපවත්වා ආපසු යාමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිස කටයුතු කර තිබිණි.

“මෙතනින් පස්සේ ඔය අරගල ඔය ව්‍යාපාර මේකෙ කරන්න බෑ. ගොවියාට දෙන්න තියෙන උපරිම සහන දීලා තියෙන්නෙ. ඒක නිසා මෙතනින් පස්සේ මේ දිස්ත්‍රික්කයේ කොහෙවත් මේ කට්ටියට අපි බොරු සම්මන්ත්‍රණ තියන්න දෙන්නේ නෑ” යනුවෙන් ද ජවිපෙ කණ්ඩායමේ නායකයකු එහිදී අවධාරණය කළේය.

කේ. ඩී. ලාල්කාන්ත ඇමතිවරයා කලකට පෙර පැවසූ ගමේ අධිකරණ බලය ගමේ අයටම පවරා දෙන කතාව මේ ආකාරයෙන් හම්බන්තොටදී අත්හදා බැලුවේද යන්න පිළිබඳ ගැටලුවක් මෙහිදී පැනනඟී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...