මකුළුදැල් කැඩුවට කෝ වී ගත්තද?

Date:

කොළඹ LNW:වී ගබඩා විවෘත කළද ගොවියන් රජයට වී නොදෙන තත්ත්වයක් මතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේය.

ඒ,අද (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

වී මිලදී ගැනීමට ඇති නොහැකියාවෙන්ම ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම්කරමින් සිටින බව හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

”දැන් කවුරුහරි වී අරන් තියෙනවද රජයේ වී ගබඩා වලට. පුළුවන්වෙලා තියෙනවද වසන්ත සමරසිංහ මහත්තයට කියන්න අපි මෙච්චරක් වී ගත්තා කියල ගබඩා වලට. මකුළු දැල් කැඩුවා. සුද්ද කෙරුවා. රෙපෙයාර් කෙරුවා. වී ගබඩා විවෘත කෙරුවා. වී අරගෙන ගොවියෝ එන්නේ නැහැ.එක කාලයක් කිව්වා වී දෙන්නේ නෑනේ කියල. හාල් දෙන්නේ නෑනේ.වී තියෙන්නේ මෝල් හිමියෝ ළඟනේ. අදත් වී මෝල් හිමියන්ට යනවා. හැබැයි රජයට එන්නේ නැහැ. ඉතින් නොහැකියාව නෙවෙයිද?”

ඒ අනුව පවතින තත්ත්වය මත තමන් නියෝජනය කරන කඳවුර ශක්තිමත් කරමින් සිටින බවයි ඉන්දික අනුරුද්ධ මහතා කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...