ඔනේෂ් සුබසිංහගේ මරණය: ඝාතන කුමන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේදී සිදුව ඇති බවට සැකයක්?

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ ජකර්තා හී තට්ටු නිවාස සංකීර්ණයකදී අබිරහස් ලෙස මරණයට පත්ව තිබීම සම්බන්ධයෙන් දේශීය වශයෙන් කෙරෙන විමර්ශනයට ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති අතර මෙම විමර්ශනයේදී අනාවරණය වන කරුණු මත අවශ්‍යතාවක් පැන නැඟුණහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට යනු ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම මරණය පසුගිය 02 දා සිදුවී ඇත. මෙම මරණයෙන් පසු ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිය සහ ඇගේ සහායිකාව බව කියන බ්‍රසීල ජාතික කාන්තාව සිවු හැවිරිදි දියණිය ද රැගෙන කටාර් බලා පලාගොස් ඇති බව ජකර්තා පොලිස් විමර්ශන තොරතුරු අනාවරණය කරයි. පසුගිය ජනවාරි 20 වෙනිදා නිවාඩුවක් ගත කිරීමට ඔනේෂ් සිය බිරිය, දියණිය සහ බිරියගේ සහායිකාව සමඟ ඉන්දුනීසියාවට ගොස් ඇති බව කියයි.

මෙම මරණය සැලසුම් සහගතව සිදුකර ඇති බවත් මෙම මරණය බොහෝ විට සිදුකර ඇත්තේ ඔනේෂ් මහතාගේ බිරියගේ සහායිකාව විසින් යැයි ඉන්දුනීසියාවෙන් ලැබෙන තොරතුරුවලට අනුව පෙනී යන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන අතර මෙම අපරාධය ඉන්දුනීසියාවේ සිදුවූවත් මෙම මරණය සැලසුමේ පෙර සූදානම ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති බව පෙනී යන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මතය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...