ජනාධිපතිතුමනි, සල්ගාදු රැළියේ හිස උදුමවා ගන්න එපා – මුරුත්තෙට්ටුවේ හිමි

Date:

සමහර ඇමතිවරුන් ලකුණු දමා ගැනීම සඳහා සිදු කරන ක්‍රියා ජනතාව නොඉවසන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. සෞභාග්‍යය උදා කිරීම සඳහා පොරොන්දු වී බලයට පත් වූ ජනාධිපතිවරයාද ලකුණු දමා ගැනීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළහොත් එය ඉතා අවසානාවන්ත තත්වයක් වනු ඇති බවයි මුරුත්තෙට්ටුවේ හිමි පවසන්නේ.

ඇමැතිවරුන් සිදු කරන ආකාරයෙන් ලකුණු දමා ගැනීමේ ක්‍රියාවල නිරත වී දුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන්නැයි ආනන්ද හිමි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

පසුගියදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති පොදුජන පෙරමුණේ ජන රැළිය සඳහා පැමිණියේ ආණ්ඩුවට සහයෝගය දක්වන ජනතාව නොව විරුද්ධවාදීන් යැයි සලකා කටයුතු කළයුතු බවද ආනන්ද හිමි සඳහන් කරනවා.

ජනතාවට පොරොන්දු වූ සෞභාග්‍යමත් රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට ඉතිරි වී තිබෙන කාලය හොඳටම ප්‍රමාණවත් බවත්, එනිසා දුන් පොරොන්දු ඉටු කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

National Electricity Policy සඳහා මහජන අදහස් ලබා ගැනීම ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : 2024 අංක 36...

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...