සිර මැදිරියේ සිටි සැකකරුවන්ට සයනයිඩ් මිශ්‍ර ආහාර ලබා දීමට තැත් කළ සැකකරුවන් 07ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 13 කොළඹ (LNW): ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට සයනයිඩ් මිශ්‍ර ආහාර ලබා දී ඝාතනයට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පසුගිය දා , ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රදවා සිටි දෙදෙනෙකුට සයනයිඩ් මිශ්‍ර කිරිපැකට් ලබාදී ඔවුන් ඝාතනය කිරීමට උත්සහ කළ බවට වාර්තා විය.

ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මෙම සිර මැදිරියේ සගවා සිට ඇති අතර, ඔවුන් අසලට පැමිණි පුද්ගලයෙකු අදාළ කිරිපැකට් ලබාදී ඇති බව හෙළිව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂණ කටයුතු පුළුල් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ද පොලිසියට ඊයේ නියෝග කළ අතර, සැකකරුවන් හෙළි කර ගැනීම සදහා දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීමට ද ඇය අවසර ලබාදුනි.

ඒ අනුව ගම්පොළ ගලහ ප්‍රදේශයේ නිවසක රැදි සිටියදී, අද දිනයේ දී සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...