සිර මැදිරියේ සිටි සැකකරුවන්ට සයනයිඩ් මිශ්‍ර ආහාර ලබා දීමට තැත් කළ සැකකරුවන් 07ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 13 කොළඹ (LNW): ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට සයනයිඩ් මිශ්‍ර ආහාර ලබා දී ඝාතනයට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පසුගිය දා , ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රදවා සිටි දෙදෙනෙකුට සයනයිඩ් මිශ්‍ර කිරිපැකට් ලබාදී ඔවුන් ඝාතනය කිරීමට උත්සහ කළ බවට වාර්තා විය.

ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මෙම සිර මැදිරියේ සගවා සිට ඇති අතර, ඔවුන් අසලට පැමිණි පුද්ගලයෙකු අදාළ කිරිපැකට් ලබාදී ඇති බව හෙළිව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂණ කටයුතු පුළුල් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ද පොලිසියට ඊයේ නියෝග කළ අතර, සැකකරුවන් හෙළි කර ගැනීම සදහා දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීමට ද ඇය අවසර ලබාදුනි.

ඒ අනුව ගම්පොළ ගලහ ප්‍රදේශයේ නිවසක රැදි සිටියදී, අද දිනයේ දී සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...