මන්ත්‍රීවරු අයවැයට හිරකරලා ඡන්ද තියන්න බෑ – පළාත් පාලන මැතිවරණය තරමක් කල්දමන්නැයි සජබ ඉල්ලයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අයවැය විවාද කාලසීමාවේ සහ සහ සිංහල – හින්දු අලුත් අවුරුදු සමයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට අපහසු බැවින් පළාත් පාලන මැතිවරණය එයින් එපිටට යොදාගන්නා ලෙස සමගි ජන බලවේගය මැතිවරණය කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

“මැතිවරණයක් තියන්න සුදුසු පසුබිමක මේ මැතිවරණය තියන්න ඕනෙ. එහෙම නැතිව ආණ්ඩුවට ඕනෙ විදියට මන්ත්‍රීවරු ටික පාර්ලිමේන්තුවේ හිරකරලා මැතිවරණය තියන්න බෑ. අයවැය විවාදය කියන්නේ, අයවැය විවාදයෙන් වැඩි කාලයක් තියෙන්නේ විපක්ෂයට, කාරකසභා අවස්ථාවේදී. අපි ගණපූර්ණය ආරක්ෂා කරන්නත් ඕනෙ, සියල්ල කරන්නත් ඕනෙ, ආණ්ඩුව බලනවාද දන්නෙ නෑ අපිව පාර්ලිමේන්තුවේ මේකට හිරකරලා මැතිවරණයක් තියන්න. දෙවැනි කාරණය තමයි අපේක්ෂකයින්ට විශාල අසාධාරණයක් වෙනවා සිංහල අවුරුදු කාලේ මැතිවරණය තියන එකෙන්. අපි කියන්නෙ නෑ මේක මේ දීර්ඝ වශයෙන් කල්දාන්න කියලා. අපි කියන්නෙ මේ ටික පහුකරලා මැතිවරණය තියන්න කියලා. මං හිතන්නෙ උතුරේ පක්ෂත්, මධ්‍යම කඳුකරේ පක්ෂත්, දකුණේ පක්ෂත් අපි තැන්පත් කරපු මුදල් අපට ආපහු දෙන්න, ආපහු තැන්පත් කරන්න. එක පක්ෂයක් කෝටි දෙකකට කිට්ටු මුදලක් තැන්පත් කරලා තියෙනවා. ඉතින් අපි කියන්නෙ හොඳ පසුබිමක, මේ මුදල් ටිකත් ලබාගෙන මේක කරන්න දෙන්න. සමහර පක්ෂවලට එක එක තැන්වලින් එන සල්ලි තියෙනවා, ව්‍යාපාරිකයින්ගෙ සල්ලි තියෙනවා, අපිට එහෙම නෑ. අපි මැතිවරණයට සූදානම්. අපි තමයි මේ මැතිවරණය ගත්තෙ ඉතා ඉක්මනින්. මේ මැතිවරණය ඉතා ඉක්මනින් තිබිය යුතුයි. හැබැයි හොඳ පසුබිමක තියෙන්න ඕනෙ, සමබිමක තියෙන්න ඕනෙ”

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 13) මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Child First” නමින් නව ව්‍යාපෘතියක් : මෙරට දරුවන් වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : ළමා හිංසන, ළමා...

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...