අපේ කටවල් වහන්න හදන්න එපා. මේ ඉරිදාත් ලයිට් කපනවද කියන්න – සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

Date:

කොළඹ LNW:විදුලි බිද වැටීම දිගටම සිදු වෙනවාද? දේශපාලන පළිගැනීම් දිගින් දිගටම සිදුවෙනවාද? යන ගැටලුවලට උත්තර අවශ්‍ය බව අද (14) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු පාර්ශවයෙන් විමසා සිටියේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස අදහස් පළ කිරීමට නිසි අවස්ථාව ලබා දෙන ලෙසයි ප්‍රේමදාස මහතා අවධාරණය කළේ.

මේ ඉරිදාටත් විදුලිය විසන්ධි විය හැකි බවට අවදානමක් ඇති බවත් සුර්ය බලශක්තියේ නිෂ්පාදනයට අනුව ඉල්ලුම නොතිබුනොත් විදුලි බිද වැටීමක් වන බවට අවදානමක් ඇති නිසා මේ තත්ත්වය ගැන ඇමතිවරයා විසින් ප්‍රකාශයක් කළ යුතුව ඇති බව හෙතෙම සඳහන් කළේය.
.
”මුළු රටම අහනවා මේ ඉරිදටත් ලයිට් කපනවද කියල. හැමෝම බලන් ඉන්නවා දේශපාලන පළිගැනීම් සිද්ධ වෙනවා. ප්‍රධාන ලේකම්වරු පූල් එකට දාලා තියෙනවා. දිසාපතිවරු පූල් එකට දාලා තියෙනවා. විදේශ ආයොජකයෝ අපේ රට අතහැරලා යනවා. මෙවන් තත්ත්වයක් තුළ අපි කියන්නේ විනිවිදභාවයකින් යුක්තව තරඟකාරීව මේ රටේ හැමදේම ක්‍රියාත්මක වන්න ඕනේ. ඒක ගැන කිසිම ගැටළුවක් නැහැ. නමුත් විදේශ ආයෝජකයෝ අද මේ රට අතහැරලා යනවා. විදුලිය ඇනහිටීම් සිද්ධ වෙනවා. දැන් මේ ඉරිදටත් අවදානම තියෙනවා ගරු කථානායකතුමනි. විශේෂයෙන්ම සෝලා එකේ නිෂ්පාදනයට අනුව ඩිමාන්ඩ් එක තිබුනේ නැත්නම් ඒ ආදළ කර්මාන්ත කටයුතු ඉරිදට ක්‍රියාත්මක නොවුණොත් බිඳවැටීමක් සිදුවෙනවා කියන අවදානමක් තිබෙනවා. මම කැමති ගරු ඇමතිතුමාගෙන් දැනගන්න ඔබතුමන්ලා මොකක්ද මේකට දෙන විසඳුම. එහෙම නැතුව මේ වඳුරෝ නිසා ප්‍රශ්නය වුණා. රිලව් නිසා මේ ප්‍රශ්නය වුණා කියන එක උත්තරයක් නෙවෙයි.” යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...