පාස්පෝට් කන්තෝරුවෙන් ජනතාවට නිවේදනයක්

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයෙක් හේතුවෙන් ඊයේ (13) දිනයට නිකුත් කිරීමට නියමිතව තිබුණු විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වී තිබේ.

ඒ අනුව, ඊයේ දිනයේදී විදෙස් ගමන් බලපත් ලබාගැනීමට නියමිතව සිටි සියලු දෙනාට අද (14) දිනයේ මධ්‍යහ්න 12න් පසු පැමිණ ඒවා ලබාගන්නා ලෙසයි ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ. එසේ අද දිනයේ පැමිණිය නොහැකි අයකු වේ නම් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත් නිවසටම යැවීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

එසේම අද (14) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාව වෙන්කරගෙන සිටින අයට අද දිනයේ ඒ සඳහා නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බව පැවසූ ආගමන විගමන පාලකවරයා 14 වනදා වෙන්කරගත් අයට 15 වනදාත් 15 වනදා වෙන්කරගත් අයට 16 වනදාත් වශයෙන් දිනක් පමා වී පැමිණෙන ලෙසත් සිකුරාදා දිනයේ වේලාව වෙන්කරගත් අයට සෙනසුරාදා දිනයේදී පැමිණෙන ලෙසත් ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...