ජපන් කෙල්ල ඇතුළට බිරිඳ එළියට

Date:

පළමු වරට පැවත්වෙන ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලිග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩිකාවන් මිලදී ගැනීමේ දී ජපානයේ ඉපිද පසුව නෙදර්ලන්තයෙන් ක්‍රිඩා ජීවිතය ආරම්භ කළ වත්මන් එංගලන්ත කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන නටාලියා ස්කීවර් බ්‍රන්ට් දෙවන වැඩිම මිල සහිතව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තෝරා ගැණින.

සමලිංගික විවාහයකින් එංගලන්ත කණ්ඩායමේ ම කැතරින් ස්කීවර් බ්‍රන්ට් සමඟ එක්වි සිටින නැට් නමින් ප්‍රකට නතාලියා ඉන්දියන් ලීග් තරගාවලියට ඉහළින්ම තෝරා ගත්තද ඇයගේ බිරිඳ සේ සැළකෙන කැතරින් කිසිඳු කණ්ඩායමක් මිලට ගත්තේ නැත.ඇයගේ මූලික වටිනාකම සේ දක්වා තිබුණේ ඉන්දිය රුපියල් ලක්ෂ 50 කි.
දෙදෙනාම එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කරන අතර ඒ අතරින් නැට් මෑත කාලයේදි හොඳ තුන් ඉරියව් ප්‍රහාරිකාවක සේ දස්කම් දක්වමින් සිටින්නිය.කැතරින්ට වඩා සත් වසක් බාල නැට් එක්දින ශතකලාභිනියන්ගේ සමූහයේ ද සාමාජිකාවක් වන අතර මේ වන විට ඇය පන්දුවෙන් සහ පිත්තෙන් එකසේ දස්කම් දක්වන්නියක්ව සිටින්නිය.

කැතරින් සහ නැට් මේ වන විට දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දි එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන අතර ඊයේ පැවති අයර්ලන්තයට එරෙහි තරගයේදි නැට් ලකුණු 5 ක් රැස් කළ අතර කැතරින් නොදැවි ලකුණු 5 ක් ලබා ගනිමින් එංගලන්තය තරගය ජය ලබන විට පිටියේ රැදී සිටියාය.පන්දු යැවීමේදී නැට් පන්දු ඕවර් දෙකක් යවමින් ලකුණු 10 ක් ලබා දුන් අතර කැතරින් පන්දු ඕවර් 2.2 ක් යවමින් ලකුනු 14 ට එක කඩුල්ලක් දවා ගත් අතර එම කඩුල්ල කැතරින්ට ලබා දිම සඳහා උඩ පන්දුව රැක ගත්තේ නැට් ය.
නැට් සහ කැතරින් දෙදෙනාම සිය දත්ත ඉදිරිපත් කිරීමේ දි එකිනෙකා සිය බිරිඳ විසින් හඳුන්වා ගන්නේය.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...