නිදහසේ මැතිවරණ තියන්න නම් කොමිසමට මූල්‍ය ස්වාධීනත්වය දෙන්න – පැෆ්රල් (VIDEO)

මුදල් ලබා නොදීම මත ජන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම නිසා මැතිවරණය පැවැත්වීමේ බාධවක් මතුව තිබෙන අතර මෙවැනි දෙයක් වාර්තා වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට වන අතර වෙනත් වාර වලදී ජන්දය පැවැත්වුණේ පසුව ගෙවීමේ පදනම මත බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ආර්ථික සාධකය මුල්කරගෙන මෙලෙස මැතිවරණ පැවැත්වීම කල්දැමීමට උත්සහ ගැනීම නරක පූර්වාදර්ශයක් වන බවත් එය ඉදිරියේදී පැමිණෙන පාලකයන්ට වුවද මැතිවරණ කල්දැමීම සඳහා මෙය පාදක කරගත හැකි බවයි ඔහු පෙන්වාදෙන්නේ.

ඒ අනුව නිදහසේ මැතිවරණ පැවැත්වීමට නම් මැතිවරණ කොමිසමට මූල්‍ය ස්වාධීනත්වය ලබාදිය යුතු වන බව හෙට්ටිආරච්චි මහතා කියාසිටියි.

මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයට අදාළ මෙම තත්ත්වය මතු වුව ඉදිරියේදී මෙය මහ මැතිවරණය,ජනාධිපතිවරණය දක්වාම බලපෑම් විය හැකි බවද හෙතෙම සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...