සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 15,(LNW)කොළඹ :
ක්‍රීඩා අමාත්‍යවරයා අප පෙන්වා දෙන කරුණු සම්බන්ධයෙන් වැඩි සතුටක් දක්වන බවක් පෞද්ගලික සංවාදවලදී නොපෙන්වුව ද,අප විසින් මතු කරනු ලබන කරුණු ගැන විමසීමක් කරන බව අපි දනිමු.මේ මොහොතේ ඔහු ශ්‍රී ලංකා රගර් පරිපාලනයට පවුම් 50000 ක දඩයක් එකතු වුණේ කෙසේදැයි සොයමින් සිටියි.මේ ගැන අප පළමුවරට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කියූ අවස්ථාවේ ඔහු එය පැය කිහිපයදී සොයාගෙන තිබුණු අතර එහෙත් එය තමාගේ කාලයට අදාළ නොමැති එකක් බැවින් පියවර ගත නොහැකි බව කීවේය.
ඒ නිසා පළමුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම කරුණු සොයා ගත්තේ කෙසේදැයි අමාත්‍යවරයාට විමසා සිටිය හැකිය.එම වරද සිඳුවන කාලයේ ලේකම්වරයාව සිටි නලීන් ද සිල්වා දෙවන වරටත් පරිපාලකයෙකු ලෙස අසාර්ථක විය.ඒ නිසා රග්බි පරිපාලනය විසුරුවා හැරිය විට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නලීන් ම පහසුකම් සපයන්නා ලෙස නම් කරගත් බැවින් දිගටම රගර් පරිපාලනයේ තොරතුරු ඔහු දැන සිටිය යුතු අතර,ඊට අමතරව එහි රඳවාගෙන සිටි විධායක නිලධාරියා ද අතුරුදහන් නොකළානම් එම පරිශ්‍රයට කාවන් හෝ වේයන් ඇතුල් වී නොමැත.
එසේත් නැතිනම් ජාත්‍යන්තර රග්බි කවුන්සිලය මේ වසරට නිකුත් කළ පවුම් 5000 ක ඉන්වොයිසය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සතුය.එහි දඩය ගෙවන්න වීමට අදාළ කඩ කළ රෙගුලාසියද ඇතුළත්ය.එය පාදක කරගෙන එම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා,පවුම් 50000 ශ්‍රී ලංකාවට සංවර්ධනය සඳහා ලැබෙන ආධාර මුදලෙන් ගෙවීමට යෝජනා කළේ කවුරුන්ද යන්න ආදිය විමසා ජාත්‍යන්තර සම්මේලනයට ලිපියක් ලියා එහි පිටපතක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ද ඉදිරිපත් කිරීමට හැකිය.
එහෙත් එම අවස්ථාවන් කිසිවක් ගැන නොසිතා මේ මොහොතේ අමාත්‍යවරයා එතුමාට ඊට ඉහළින්ම ලැබුණු යෝජනාවක් සැළකිල්ලට ගෙන සිඳු කර ඇත්තේ එම පවුම් 50000 සිඳුවීම සමයේ එම පරිපාලනයට සම්බන්ධ ප්‍රධාන විධායකයා මේ රජය යටතේ පත් කරන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමය.ඔහු මේ දිනවල අපේ හෙළිදරව්කිරීම් සමඟ රටට අපකීර්තියක් ඇති කළ සහ රටේ ක්‍රීඩාවට අනර්ථයක් සිඳු කළ සිඳුවීමක් ගැන සොයමින් සිටියදී එම සිඳුවීමට අදාළ පරිපාලනයේ සිටි අයෙකුම තමන්ගේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමට සිඳුවීම කෙතරම් පීඩාවක් වනු ඇද්ද?
එසේම ක්‍රීඩා පණත ප්‍රකාරව හැසිරෙන්නේ නැත,අපි රාජපක්ෂවරු මෙන්ය යන අදහසින් වැඩ කරන්න සූදානම්නම් මේ පත්වීම් අතරට රොහාන් අබේගුණවර්ධන වැනි ක්‍රීඩාව සමබන්ධ ව්‍යාපාරික චරිතයක් ගෙන ආවාට කම් නැත.එහෙත් ඔහු මේ මොහොතේත් අධිකරණයේ පවතින සිඳුවීමකට සම්බන්ධය.රගර් නිලවරණයට බස්නාහිර පළාතෙන් ඒසට ගත් උත්සාහයේදී ඔහු ප්‍රතික්ෂේප විය.පසුව ඔහු අපේක්ෂකත්වය ඉල්ලා සිටියේ ඡන්ද බලයට අවශ්‍යය සුදුසුකම් සම්පූර්ණ නොකළ පළාත් සංගම්වලින්ය.ඒවා නිලවරණ කමිටුවෙන් ප්‍රතික්ෂේප විය.දැන් ඒ සිඳුවීම නිසා රගර් නිලවරණ කමිටුවට එරෙහිව දිස්ත්‍රික් උසාවියෙන් වාරණයක් ගෙන ඇත.ඒ තමන්ගේ වටපිටාව හොඳින්ම දන්නා පළාත් සංගමය ක්‍රීඩා පණත අනුව ඔහුව සුදුස්සෙකු නොකිරීම සහ තමන් ඉන් අනතුරුව යෝජනා කරන සංගමය සාමාජික ගාස්තු හෝ ගෙවා ඇද්ද නැද්ද යන විමසිලිමත් නොවීමේ තත්ත්වය ගැන සළකද්දී එවැනි උපදේශකයෙකු අමාත්‍යවරයාට සුදුසුද යන්න ඔහු තීරණය කළ යුතුය.
මේ ක්‍රියාකාරකම් දෙකම රාජපක්ෂලා ඉහළින් තැබීම වෙනුවෙන් රටේ රගර් ක්‍රීඩාවට වින කළ පිරිසට නැවත බලය අත්පත් කර දීම සඳහා නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති සමයේ ආරම්භ කළ වැඩ සටහනේ අවසාන පරිච්ඡේදය විදිහට,ක්‍රීඩාවේ කළාප බලවතා ඉදිරියේ සෘජුව නොසිට දනින් වැටී සිටිය යුතුය යන සංකල්පය අමාත්‍යවරයාගේ ඔළුවට ඇතුළත් කරන නිලධාරීන් විසින් සිඳු කිරීමට උත්සාහ කරන ව්‍යවස්ථා සංශෝධනයේ උවමනාවන්ය.
මේ කාරණාවත් සමඟ මතුවන අපූරු ඉතිහාස සිඳුවීම් ද ඇත.ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ක්‍රීඩාව සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලාව කර තිබිය යුතුය යන සුදුසුකම වරක් නෙට්බෝල් පුහුණුකරු තනතුරට අදාළ කර තිබිණ.එහිදී එම පාඨමාලාව ආරම්භ කරන විට එහි දේශකයෙකු ලෙස වැඩ කළ තිලකා ජිනදාස,එම ඩිප්ලෝමාව කර නැති බව කියමින්,එහි ඉගෙනගත් අයෙකු ජාතික පුහුණුකරු කළේය.එම කමිටුවේ ප්‍රධානියා වූ සී.රත්නමුදලි වැනි අපූරු අය ද මේ ජාතික ක්‍රීඩා සභාවට ඇතුළත්ය.මේ වන විට ගැටළුකාරී ලෙස නිලවරණය හැසිරවීම නිසා පරිපාලනයක් නොමැති නෙට්බෝල් ක්‍රීඩාවේ නිලවරණ ගැටළුව නිර්මාණය වුණේ ද ඔහු සිටිය නිලවරණ කමිටුවක් මඟින්ය.මෙවැනි ඉතිහාස සිඳුවීම් සෑහෙන ප්‍රමාණයක් තිබුණ ද ක්‍රීඩා පණතට අනුව පුහුණුකරුවෙකුට මෙම තනතුරට ඒමට නොහැකිනම් ඔහු වොලිබෝල් පුහුණුකරුවන් අතර සභාපතිය.
ඒ වගේම ඇමතිවරුන් ගණනාවක යටතේ තිබුණු අසාර්ථක පරිපාලනවලද සිටි ශ්‍රියාණි කුලවංශ ද මේ අතර සිටින්නීය.ඇය ද පුහුණුකාරියක ලෙස කටයුතු කරන්නීය.මේ වන විටත් ඇය සිය අංශයෙන් සම්පූර්ණ සේවා කාලයම සේවයේ නොයෙදී ඒ සඳහා ඉක්මණින් පිටත්වන බව අපේ නිරීක්ෂණවලදී සනාත විය.පසුගිය රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ සමයේදී තමන්ගේ අතින් වියදම් දරාගෙන සංචාරවලට එකතු වන නිලධාරීන්ගේ සහභාගීත්වය පවා කප්පාදු වූයේ ඇයගේ තීරණ මත බව අර්ජුන ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දී එම වගකීම පවරා ඇත්තේ ඇයට බව පවසමින් කීවේය.හැබැයි එ‘සමය අමාත්‍යවරයාගේ ප්‍රදේශයේ පැල සිටුවීම වැනි කාරණාවලට ඇය ප්‍රමුඛත්වය දෙන කණ්ඩායම් එකතු කරගෙන සහභාගි වෙමින් කරන කාර්යය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකයෙන්ම ආවරණය කර ලබා දෙමින් ඒ වැඩවලට අමාත්‍යංශය සහ අමාත්‍යවරයා සම්බන්ධ බව අප කියන තෙක් එවැනි ව්‍යාපෘතිවලට සම්බන්ධ වූ වත්මන් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවා නොදැන සිටියේය.
අපේ අනන්‍යතාවය විවේචනය නොවේය.ක්‍රීඩාවේ වැරදි සහ ඊට වන අනර්ථ වළක්වාලීමට අප දෙන තොරතුරු නිරීක්ෂණය කර තීරණ ගැනීමට හැකියාවක් ඇත.අප අනර්ථයක් කරන අදහසෙන් කරුණු ඉදිරිපත් කර ඇත්නම් මේ සම්බන්ධයෙන් වන තොරතුරු අප වෙබ් අඩවියටම ලියන්නට අමාත්‍යවරයාට හැකියාව ඇත.ලිවීමට ආධුනිකයෙකු නොවන අමාත්‍යවරයාට ඒ හැකියාවද ඇති බව අපි දනිමු.එහෙත් මේ ගමන් කරන්නේ වැරදි දිශාවටය.ආණ්ඩුවක් හැටියට තීරණ ගැනීම සහ පක්ෂයක් හැටියට තීරණ ගැනීමේ දී මෙන්ම,ජනමාධ්‍ය හරහා වන විවේචනයන්ට සහ කරුණු පෙන්වාදීම්වලට අවනත නොවන බව පෙන්වමින් තමන් කරගෙන යන වැඩ ටික කර පෙන්වීමට පුද්ගලයන් තෝරා ගැනීමෙන් සිඳු විය හැක්කේ තාවකාලික තෘප්තියක්ය.දීර්ඝකාලීනය එම තීරණවලට අදාළ විෂයට සිඳුවන අනර්ථයක්ය.
එම වැරදි ගමන් මාර්ගයට ඇතුල් වීම සඳහා සිදත් වෙත්තමුණි සහ රොෂාන් මහානාම වැනි මහත්මා චරිත නුසුදුසු චරිත සමඟ පාහා ඇත.ඒවායේ සුදු පැහැයෙන් සිඳුවන කළු ගැන්වීම නොවැසෙනු ඇත.තැනෙක ඔවුන් ඒ කළුව නිරාවරණය කරගෙන සිය හෘද සාක්ෂිය සමඟ ඉවත් වූ තැන නොපියවා ගත හැකි වැරදි සහිත යථාර්තය දකින්නට හැකි වනු ඇත.මෙයින් සිදත් සහ රොෂාන් පමණක් නොවන යහපත් චරිත තවත් සිටිය හැකි නමුත් අපට අත්දැකීමෙන් නොගැලපේනම් සහ තමන්ගේ දායකත්වයේ අරමුණට සුපිරිසිඳුව ගමන් කළ නොහැකිනම් පසු නොබා ඉවත්වීමේ අත්දැකීම් ඇත්තේ සිදත් සහ මහානාම ගැනය.
මේ පත්කිරීම් බොහෝ විට අමාත්‍යවරයාගේ සියයට සියයක් එකඟතා ඇතුව නොවුණ බව අපි විශ්වාස කරන්නෙමු. ආණ්ඩුවක් හැටියට තීරණ ගැනීම සහ පක්ෂයක් හැටියට තීරණ ගැනීමේ දී යන වචන ඉහළින් සඳහන් කළේ ද එබැවින්ය.එහෙත් මේ සඳහා රගර් ක්‍රීඩාව නියෝජනය කරන වැඩි පිරිසක් නම් කර ඇත්තේ ඇයි ද යන්න ද සිතා බැලිය යුතුය.මේ වන විට දිගින් දිගටම ජනමාධ්‍ය හරහා එල්ලවන චෝදනාව වන්නේ වැරදි කළ පිරිස්වලට බලයට එන්නට අවශ්‍යය පරිසරය සැකසීමට ව්‍යස්ථාව වෙනස් කිරීමය.එය නාමල් රාජපක්ෂට බලය යොදා පත් කිරීමට නොහැකි වූ පුද්ගලයින් වෙනත් ආකාරයකට මුල් පුටුවල ඉන්දීම වෙනුවෙන් සකස් කළ න්‍යාය පත්‍රයේ වැඩ කොටස නිමාකිරීමේ වගකීම දැන් මේ අමාත්‍යවරයා අතට ද පත් වී ඇත.
ප්‍රභූ දේශපාලනය නොව ප්‍රභූ ක්‍රීඩාව ද එම දේශපාලනය තුළ වියැකී යා යුතුව ඇත.මේ වෙනස් කරන්නට හදන රගර් ව්‍යවස්ථාව එම ප්‍රභූ දේශපාලනය නියෝජනය නොවන,ජාතික ජනබලවේගයේ අනන්‍යතාවය රැඳුණු ව්‍යවස්ථාවකි.එය ප්‍රභූ ක්‍රීඩා සමාජවල නියෝජනයක් ගෙනවිත් නැති කිරීමට එම රජයේ ක්‍රීඩා ඇමතිවරයාට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් ඇති වීම සිඳුවන්නේ මෙරටින් කළ වැරදිවලට දඬුවම් නොලැබි පිරිසකගේ මැදිහත්වීම ද සමඟ යන්න නො‘රහසකි.ඇමතිවරයාටත් උඩින් සිට ඊට අවශ්‍යය නියෝජනය සකස් කරන්නට ආණ්ඩුවක් හැටියට බලපෑම් එල්ල කරන තත්ත්වයක් ඇත්නම්,එය කණගාටුදායක තත්ත්වයකි.
කෙසේ වුවත් අවශ්‍යය සංශෝධන ක්‍රීඩා නීතිය සම්බන්ධයෙන් ද ක්‍රීඩාවට වැරදි කළ ඉතිහාසය සම්බන්ධයෙන් සළකා සිඳු කිරීමේ අභිත පියවර ගත හැකිනම් එය ඉතා වැදගත් වනු ඇත.අප ළඟට ආවම එහෙම හැසිරෙන්න බැහැ යන අදහසින් නැතිනම් රාජපක්ෂවරුන්ගේ තද බලපෑමකට ලක් වූ ක්‍රීඩාවට රාජපක්ෂනරුන්ම කැඳවිය හැකිය.අපි විමසිල්ලෙන් බලා සිටින්නෙමු.කෙසේ වුව ද සමාජයේ දැන්වත්වීම උදෙසා අපි ක්‍රිඩා අමාත්‍යවරයා විසින් පත් කළ ජාතික ක්‍රීඩා සභාව පහත පළ කරන්නෙමු.එහෙත් මේ ආකෘතිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ලෙස සකස් විය හැකිනම් ඉතා වැදගත්ය.එවිට ක්‍රීඩාවේ තීරණ ස්වාධීනය.නැතිනම් පාර්ලිමේන්තුව මේවා ගැන කතා කරන්නේ හො සොයා බලන්නේ නැති බව විශ්වාසය.මෙහි ඔවුන් දන්නවා ඇත්තේ බොහෝ විට සිදත්ගේ සහ මහානාමගේ මහත්මා ගතිය මිස එයට පත් කර ඇති පුද්ගලයන් සියලු දෙනාගේ වපසරිය නොවනු ඇත.එහි නුසුදුස්සන් සිටින බවත්,එම නුසුදුසුකම් කවරේද යන්න පිළිබඳවත් කතා නොකරන පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂ ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් වන මහජන නියෝජිත වගකීම නිසියාකාරව ඉටු නොකරන්නෝය.
ප්‍රියන්ත ඒකනායක – සභාපති
සමන්තා නානායක්කාර
රුක්මන් වෑකඩපොළ
සිදත් වෙත්තමුනි
චානක ජයමහ
රොහාන් අබේකෝන්
නිරෝෂන් විජේකෝන්
මුරාද් ඉස්මයිල්
රොෂාන් මහනාම
සී. රත්නමුදලි
ශ්‍රියානි කුලවංස
මලික් ජේ. ප්‍රනාන්දු
ශානිත ප්‍රනාන්දු
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2025/02/LNW-Newsroom-ad-at-the-bottom-Sin-15-1024x137-1-3-1-2-1-1-1-1.webp)