සිලින්ඩරයට ගිය පොහොට්ටු හිටපු මන්ත්‍රී ආයෙත් පොහොට්ටුවටම ඇවිත්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ (LNW):

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වී රනිල් වික්‍රමසිංහට සහාය පලකල ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වී ඇති බව වාර්තා වේ.

අද දින ගම්පහ අත්තනගල්ල රැස්වීමකට සහභාගී වෙමින් ඔහු මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පල කරන බව ප්‍රකාශ කර ඇත,

මේ දින වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම ගමකටම නායකයෙක් පත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති අතර , අද පැවතියේ ගම්පහ අත්තනගල්ල ආසනයේ රැස්වීමය. මෙම රැස්වීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හිටපු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් සහභාගී වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...