*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

වඳවීගෙන යන ගස් මිලියන 10ක් වවන්න ධම්මික පෙරේරාගෙන් ඇප් එකක් …!

DP Tree Book ජංගම දුරකථන යෙදවුම ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වයි

ඊයේ (පෙබරවාරි 14) කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති 2024 පෘථිවි සමුළුවේදී (Earth Summit 2024) DP Tree Book ජංගම දුරකථන යෙදවුම, ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වන ලදී.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ 1496ක් ඇති අතර එම ශාඛවර්ගවල පැළ කවුරුන් හෝ විසින් යළි සිටුවන්නේ නම් DP Tree Book ජංගම දුරකථන App එක ඔස්සේ එම පැළය ගූග්ල් සිතියමේ Tag කිරීමට හැකියාව ලැබේ. ඒ අනුව මෙම ශාඛ වර්ග යළි පැළ කෙරෙන ප්‍රමාණය සංගණනය කිරීමටත් සිතියම්ගත කිරීමටත් හැකියාව හිමිවේ.

මහජනතාව සමග එක්වෙමින් ශ්‍රී ලංකාවේ මෙම වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ වර්ග 1496න් පැළ මිලියන 10ක් සිටුවීම තම අරමුණ බවයි එම අවස්ථාවට එක්වෙමින් ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා,

“මේ ඇප් එක ඩිවලොප් කරන්න හේතුවුණේ, 2000 සිට 2019 දක්වා කාලය තුළ ගස් ලක්ෂ 5ක් වවලා තියෙනවා මම පුද්ගලිකව. ඒක පොතක ලියලා තියෙන්නේ. ඒකට තමා Tree Book කියලා කිව්වෙ. නමුත් ඇනලොග් විදියට වැඩ කළොත් මටම ඒ ගස් තියෙන විදිහ හොයාගන්න බෑ ඒ පොතෙන්. ඒක නිසා තමයි ඩිජිටල් විදියට මෙහෙම සිස්ටම් එකක් මේ වෙනුවෙන් හැදුවේ. අපේ ගෝල් එක තමයි රටේ ජනතාව හැමෝම එකතු කරගෙන, මේ වඳවීගෙන යන ශාඛ මිලියන 10ක් වවන එක”

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පරිසරවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan