*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

බෙහෙත් නැති ඔපරේෂන් නැති රටේ ඡන්ද මොකටද කියලා මැතිවරණය නොපැවැත්වීමේ මානසික යුද්ධය දියත් කර තිබෙනවා: අනුර දිසානායක

ඊයේ (15) දිනයේ ජන රැළියක් අමතමින් ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ රට තුළ සැත්කම්, ඖෂධ ගෙන්වීම ආදියට මුදල් නැති තත්ත්වයක් නිර්මාණය කර එවන් දෙයක් කර ගැනීමටත් මුදල් නැති නම් මැතිවරණය පැවැත්වීමට ද මුදල් නැති බවට ජනමතයක් නිර්මාණය කර මැතිවරණය නොපවත්වා සිටීමේ කූට උපක්‍රමයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙන බවයි.

ඒ පිළිබඳ අදහස් දක්වන අනුර කුමාර දිසානායක:

“බෙහෙත් ගෙන්නන්න සල්ලි නෑ කියලා සැත්කම් නතර කරනවා. ඒක හරියට පාස්කු ප්‍රහාරයේ සමානයි. මුළු අවුරුද්දටම බෙහෙත් ගේන්නයි, උපකරණ ගේන්නයි යන මුළු වියදම රුපියල් බිලියන 40 යි. පෙබරවාරි 14 භාණ්ඩාගාරයට ආවා බිලියන 33ක්. දැන් කොහෙද සල්ලි නෑ කියන්නේ.? අද වනකොට බිලියන 67 වඩා ඇවිල්ල තියෙනව. දැන් මොකද්ද මේ කරන්න හදන්නේ. සැත්කමක් කරගන්න බෑ.. ඉස්පිරිතාලෙ ඔපරේෂන් එකක් කරන්න බැරි රටකට ඡන්ද මොකටද කියලා මතයක් හදලා, මිනිස්සු මැරෙන්න අතෑරලා තියෙන්නෙ. රාජ්‍ය ඖෂධ ගබඩාවේ බෙහෙත් තියෙනවා, ඉල්ලන බෙහෙත් ඉස්පිරිතාලෙ වලට එවන්නේ නෑ.

රටේ මතයක් හදන්න හදන්නෙ – ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ බෙහෙත් නැති රටකට ඡන්දෙ මොකටද කියලා. ඒ කියන එකෙයි පාස්කු ප්‍රහාරයේ අතර තියෙන වෙනස මොකක්ද…? පාස්කු ප්‍රහාරයේ බෝම්බ පුපුරවල මිනිස්සු මරලා ඡන්දෙ ගත්තා. අද මේ පාලකයන් ඔපරේෂන් නතර කරනවා, සැත්කම් නතර කරලා සැත්කම් කරන සල්ලි නෑ කියලා මතයක් හදනවා ඉස්පිරිතාලෙ ඔපරේෂන් එකක් කර ගන්න බැරි රටක ඡන්ද මොකටද කියලා. මෙන්න මේ වෙනුවෙන් මානසික යුද්ධය දියත් කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ තමන්ගේ කුරිරු බල උවමනාව වෙනුවෙන් දේශපාලනයේ දියත් කරලා තියෙනවා. ඡන්දෙ තියන්න යන්නේ බිලියන 10 යි. මැතිවරණ කොමිසමක් එක්ක අපි සාකච්ඡා කරා. බිලියන හයෙන් කරන්නත් පුළුවන්. බිලියන හය ම මේ මාර්තු මාසෙ 09 වෙනිදාට කලින් ඔක්කොම ඕනෙ නෑ. මුද්‍රණාලයේ ඡන්ද දෙකකට කඩදාසි තියෙනවා. මුද්‍රණාලයේ ඡන්ද දෙකක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න පුළුවන් තීන්ත තියෙනවා. මුද්‍රණාලය කොයි වෙලාවෙත් ඡන්දෙකට ලෑස්ති වෙලා ඉන්නේ.

ඒත් මොකද්ද මේ කරන්න හදන්නේ? රටේ සල්ලි නෑ කියලා, ඉස්පිරිතාල වල ලෙඩ්ඩු මැරෙනවා කියලා, මැරෙන්න ඇරලා! මතක තබා ගන්නේ මේ රනිල් වික්‍රමසිංහ ගේ වියරු මනස. මිනිස්සු මැරෙන්න ඇරලා සමාජයේ මතයක් හදන්න හදනවා ඔපරේෂන් නතර වෙලා තිබෙන රටක ඡන්ද මොකට ද කියලා. ඒක හිතා මතා කරන වැඩක්. බෙහෙත් සහ උපකරණ හිතාමතා නිකුත් නොකර ඉන්නවා. ගම්වල ඉස්පිරිතාලෙට ගියපුවහම පුරවැසියාට අවශ්‍ය බෙහෙත් නැත්නම් අවශ්‍ය උපකරණ නැත්නම් ජනතාවට දැනෙනවා බෙහෙත් නැති, ඔපරේෂන් ඇති රටේ අපිට ඡන්ද මොකටද කියලා. අපිව දඬුකඳේ ගහලා, අපේ ඔලුවට ඉහළින් හෙල්ලයක් තියලා, ඡන්දේ එපා කියන තත්ත්වයකට ඇවිත් තියනවා. මෙහම වියරු මිනිස්සු මේ රට පාලනය කරන්නේ, බලය වෙනුවෙන්. මිනිස්සු මැරෙන්න අරිනව බලය වෙනුවෙන්. එනිසා මේ වියරු මනසක් සහිත රනිල් වික්‍රමසිංහ, මේ පාලනය පලවා හැරීම සඳහා ජනතාව එකතු විය යුතුමයි.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan