සියලුම මෘත දේහ සඳහා අනිවාර්ය කර තිබුණු PCR පරීක්ෂාවේ වෙනසක්!(VIDEO)

කොවිඩ් මෘත දේහ කළමනාකරණය යටතේ රට තුළ සිදුවන සියලුම මරණ සඳහා PCR පරීක්ෂාව අනිවාර්ය නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන අතර අවශ්‍ය නම් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාගේ අභිමතය පරිදි මෘත දේහය සඳහා PCR පරීක්ෂණය පැවැත්වීම සිදුකළ හැකි බව ජාතික කොවිඩ් මෘත දේහ කළමනාකරණ කමිටුවේ සභාපති,නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සහ අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා අද (16) මාධ්‍ය වෙත පැවසුවේය.

ඒ අනුව ඊයේ දින සිට සියලුමමෘත දේහවලට PCR පරීක්ෂණ සිදු නොකරන බවයි අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.

අදාළ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා තීරණය කරන්නේ නම් පමණක් එම මෘත දේහ වලට PCR පරීක්ෂණයක් සිදුකරනු ඇති.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වූ මුල්කාලයේ සියලුම මෘත දේහ ආදාහනය කළ අතර පසුව වෛරසයේ හැසිරීම ගැන ලැබුණු දැනුම අනුව ආදාහනයට සහ භූමදානයට යන දෙක සඳහාම අවසර හිමිව තිබෙන බවත් ඉදිරියේදී මෙම මෘත දේහ කළමනාකරණය සඳහා ආදාහනය හා භූමදානය ගැන ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කිරීමටද යෝජනා කර තිබෙන බව චන්න පෙරේරා මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...