ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කරන්න – මානව හිමිකම් කොමිසමෙන් රජයට උපදෙස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජයට දැනුම් දී තිබෙනවා. මෙම පනත අහෝසි කර දමා, ත්‍රස්තවාදය යන්නට නව අර්ථකථනයක් ඇතුළත් කර ඊට අදාල චෝදනා දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීම ප්‍රමාණවත් වනු ඇති බවයි එම කොමිසම රජයට දන්වා තිබෙන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයෙකු රඳවා තබාගත හැකි කාලසීමාව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි බව පෙන්වා දෙන මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පවසන්නේ සිදුවෙමින් පවතින විමර්ණයක් මත පදනම්ව කිසිදු පුද්ගලයෙකුට දඬුවම් කළ නොහැකි බවයි.

මෙම තත්වය මත පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැනට ක්‍රියාත්මක වෙනත් නීති පනත් හරහා ක්‍රියාත්මක කිරීම සුදුසු බවයි මානව හිමිකම් කොමිසමේ නිර්දේශය වන්නේ. ඒ සඳහා දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධිවිධාන පනත, අධිකරණ පනත හා ඇප පනත සඳහා සංශෝධන සිදු කිරීම ප්‍රමාණවත් බවද කොමිසම සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...