ඉන්ද්‍රානි !

ඔව් ඇත්ත
ආදරය තමයි
ඒ විශාලම ත්‍යාගය
ඔබ දුන්න…

ඔබට පුළුවන්
ඉරට වුව
සඳට වුව
අකීකරු වන්නට
ඒත් අපි ඔය හඬට
මොන තරම් කීකරු ද.

සන්තානයට වැදී
අඩි තබා ඇවිද
වේගයෙන් නික්ම යන
පෙම් පතුල් අතරත
හද ගැඹර නැවතුණ
සදාකාලික පෙම්වතිය
ඉතින් වෙන කවුරුද?

අවසර පවා නොගෙන ම
කටහඬක් පවා
සිපගන්න ඇහැකි බව
කියා දුන්නාට
අඩදැණිව හිස නමමි.

සඳවතට එරෙහිව
කළුවරට එදිරිව
අපි හෙව්ව
ඒ කෙල්ල
වෙන කවුද
ඔබ ම මිස.

~ මංජුල වෙඩිවර්ධන

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...