ඉන්ද්‍රානි !

Date:

ඔව් ඇත්ත
ආදරය තමයි
ඒ විශාලම ත්‍යාගය
ඔබ දුන්න…

ඔබට පුළුවන්
ඉරට වුව
සඳට වුව
අකීකරු වන්නට
ඒත් අපි ඔය හඬට
මොන තරම් කීකරු ද.

සන්තානයට වැදී
අඩි තබා ඇවිද
වේගයෙන් නික්ම යන
පෙම් පතුල් අතරත
හද ගැඹර නැවතුණ
සදාකාලික පෙම්වතිය
ඉතින් වෙන කවුරුද?

අවසර පවා නොගෙන ම
කටහඬක් පවා
සිපගන්න ඇහැකි බව
කියා දුන්නාට
අඩදැණිව හිස නමමි.

සඳවතට එරෙහිව
කළුවරට එදිරිව
අපි හෙව්ව
ඒ කෙල්ල
වෙන කවුද
ඔබ ම මිස.

~ මංජුල වෙඩිවර්ධන

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...