පාස්පෝට් කන්තෝරුවේ සේවිකාවක් සහ තැරැව්කරුවන් පිරිසක් අත්අඩංගුවට !

එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් පුද්ගලයින් 04 දෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (16) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සහායකවරියක් සහ තැරැව්කරුවන් තිදෙනෙකි.

එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා ඔවුන් එක් අයකුගෙන් රුපියල් 42000ක් ලබාගෙන ඇත.

එම සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා වැයවන්නේ රුපියල් 22000ක් පමණක් වන අතර ඉතිරි රුපියල් 20000 ඔවුන් සිව්දෙනා බෙදාගෙන ඇති බව සඳහන්.

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලය අවට විවිධ අක්‍රමිකතා සිදුවන බවට ලැබී ඇති පැමිණිලි අනුව එවන් ක්‍රියා වැළැක්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇති අතර තැරැව්කරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...