*
Friday, February 21, 2025
spot_img

Latest Posts

රගර් අම්බිගාලටත් අයිතියි

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 18,(LNW)කොළඹ :

පහසු මාර්ගය ගලන අතට පිහිනීමය.එහෙත් පැහැදිළිව ඇත්ත පෙනෙන්නට ඇති දිශාව තෝරා ගැනීම මාධ්‍ය ක්‍රියාකාරකමේ පුහුණුවය.එය පහසු නැත.සමහර විට ඒවා ජීවිතය ද අභියෝග බවට පත් කරන තැනකට ආ හැකිය.විශේෂයෙන් ලංකාවේ දේශපාලකයා හුරු කර ඇත්තේ තමන්ට රුචි මතය මිස හරි මතය වෙනුවෙන් නැඟී සිටීමට නොවේය.


ක්‍රීඩාවේදී මේ මොහොතේ මාධ්‍ය මඟින් පෙන්වා දෙන රගර් හී වැරදි තීරණ ගැනීමේ උවමනාව වෙනුවෙන් පෙනී සිටීම ආණ්ඩුවේ ක්‍රීඩා උවමනාව වීම කෙතරම් බලවත්ව දැනෙමින් පවතිනවාද යන්න පත් කළ ජාතික ක්‍රීඩා සභාවෙන්ම පැහැදිළිය.රගර් අර්බූදයේ මුලාරම්භයේ සිටින නාමල්වාදී අවශ්‍යයතාවය දේශපාලනිකව ජයග්‍රහණයකින් අවසන් කිරීමට,රටේ නීතිය හෝ නොතකා කටයුතු කිරීම මේ මොහොතේ අපේක්ෂාව වී ඇත.ඒ නිසා බහුතර රගර් නියෝජනයක් සහිතව රගර්මය අනන්‍යතාවය සහතික කරන ජාතික ක්‍රීඩා සභාවක් පත් වී ඇත.අප ඒ ගැන මීට පෙර ද ලීවෙමු.


එම උවමනාවේදී මේ රටේ රගර්වලට පමණක් නොව සමස්ත ක්‍රීඩාවටම කළු පැල්ලමක් වූ ජාත්‍යන්තර වශයෙන් වැරදිකරුවෙක් කළ ශ්‍රී ලංකා රගර් පරිපාලනය යටත් කළ පවුම් 50000 දඩය,ශ්‍රී ලංකා රගර් හී ඇඳ වැටීමේ කාරණයට බලපෑ බව අමාත්‍යවරයාටද නොපිළිගෙන සිටින්නට බැරිය.එහෙත් එම සිඳුවීම අමතක කර එහිම ප්‍රධාන විධායකයාව සභාපති තනතුරේ පිහිටුවන්නටත් ඔහුට සිඳුවන්නේය.ඇතැමුන් ක්‍රීඩා පණත ප්‍රකාරව සුදුසු නොවුණ ද,පත් කරන්නටත් සිඳු වන්නේය.මේ කුණු වැසීමට සුදු චරිත ලෙස ප්‍රකට රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිගේ නම් ද එහි පටලවා ඇත.


මේ අප දකින්නේ නාමල්මය හෝ සුනිල් කුමාරමය ලෙස වෙන් කරන්නට බැරි එක දේශපාලන රේඛාවක අනන්‍යතාවය ය.යථාර්තය පෙන්වා දීම බලපෑමක්,ගෞරව නොකිරීමක් ලෙස සළකා ඊට එරෙහිවීමට ඇති කරගන්නා අදහසේ හැඩයය.එම අනන්‍යතාවයෙන් ආරක්ෂා වන්නේ පවුම් 50000 වැරදිකාරයන් පමණක් නොව ලාංකේය රගර් සහ ක්‍රීඩා පරිච්ඡේද සළකා බලද්දී සිඳුවන තවත් අවාසනාවන්ත සිඳුවීමක තාජුඩීන් ඝාතනය වැනි ක්‍රියාවලීන් අනුමත කෙරෙන දිගුවක්මය.යම් කිසි ආකාරයක ආඩම්බර සහ උද්ධච්ඡ අදහසක් පැමිණි විට එයින් අත් කර ගන්නා හානිය සුළු නැත.නිකමට ඉහත අප පවසන මර්මස්ථාන දෙකටම අදාළ වූ මූලික කාරණා සළකා බැලීම වෙනුවට,එම කාරණාවලට එල්ලවන විරෝධය තමන්ගේ පෞරුෂයට හානි කිරීමක් ලෙස වැරදි චින්තාවකට යොමු වීම අපේ දේශපාලකයාගේ අනන්‍යතාවය මිස පක්ෂ මත වෙනස් වන කාරණයක් නොවන බව පැහැදිළි වෙමින් ඇත.


තවම ක්‍රීඩාව යනු සෙල්ලම් කිරීමක් ලෙස සිතන සමාජයකට සෙල්ලම් කරපු තාජුඩීන් ඝාතනය සෙල්ලම් කරපු කොල්ලෙක් මරා දැමීමක් පමණක් විය හැකිය.එයට දේශපාලනය ගෑවී,දේශපාලකයා වාසි ලබා ගැනීම නොසළකා හැරිය විට සිඳුවීම භාර ගැනෙන්නේ සාමාන්‍ය ආකාරයටය.එහෙත් එයට දේශපාලනය ගෑවුණ නිසා දේශපාලනය විසින් සිඳු කරන ජඩ,අමානුෂික හැසිරීම් වෙනුවෙන් මේ රටේ නීතිය පමණක් නොව හිපොක්‍රටීස් දිව්රුමද හැකිලී එහි ඇති මහානුභාවයන් කුඩා වන ආකාරයද අපි හැඳින්නෙමු.


මේ ඒ ක්‍රියාවලියට ශක්තිය සැප යූ,සහ ආරක්ෂාව වෙනුවෙන් ආශිර්වාදයක් වූ මිනිසුන්ගේ උවමනාවන් වෙනුවෙන් වෙනත් පාටක දේශපාලනයක් සමාන හැඩයකින් වැඩ කරන මොහොතක් ලෙස අකමැත්තෙන් වුව වර නැඟීය යුතුව ඇත.හැබැයි එහි ඇත්තේ කැත වැසුණු වංශවත් ආලේපනයකි.පංතියක් හැටියට පටු තැනෙක සමස්ත බලය හිර කර තැබීමේ උවමනාවය.ඒවා ඉහත සඳහන් ජඩකම් විසින් වැරදිකරුවන්ට රට නොව ලෝකයේම පිළිගත් බලයක් වෙනුවෙන් යා හැකි පරිදි මෙරට පරිසරය දඩුවමෙන් තොර ආශිර්වාදයක් කිරීමේ පලය ය.


නාමල්මය වූ ක්‍රීඩා අමාත්‍යවරයා එයින් ඉවත් වී ගිය ද,සෑම විටම ස්වීය උවමනාව වෙනුවෙන් පෙනී සිටින චරිත ඉතුරු කර යන්නට සමත්කම් පෑවේය.රොෂාන් රණසිංහගේ ක්‍රීඩා සභාවේ විශාල බලයක් හෙබවූවේ නීතිමය වශයෙන් නාමල්ව ඉලක්ක කර එල්ල වන ඇතැම් චෝදනාවලට හවුල්කාරියක සේ සළකන්නියකි.මේ විදිහට තමන්ගේ අඩු බූවල්ලන් සේ විහිදුවා වැඩ කරන්නට හැකි පරිදි රගර් පරිපාලනයට පිටින්,මේ රටේ ධනය හසුරුවන මිනිස්සු සමඟ එක්ව රගර් ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීම ද දේශපාලන ආශිර්වාද ලත් පිරිසක් විසින් සිඳු කළ බව වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා දන්නේ නැත.


ඒ නිසා ලංකාවේ පමණක් නොව රගර් ලෝකයම,ලංකාවෙන් වැරදි නොසළකා හරින ලද වැරදිකරුවන් විසින් අඩු දමා අල්ලාගෙන එහි වගකීම් වංශමය අයිතියක් ලෙස පවරා ගන්නට සැළසුම් සකස් කරමින් ඇත.එහි දී වත්මන් රජයේ දේශපාලනමය අනන්‍යතාවයට බොහෝ දුරට ගැලපෙන රගර් බල ව්‍යහුය,එම රජයේම ආශිර්වාදය ඇතුව වංශවත් පද්ධතියක උරුමයට සවි කිරීම වෙනුවෙන් මහා උවමනාවකින් පෙනි සිටීම දේශපාලන ඛේදවාචකයකි.


පවුම් 50000 දඩය ගෙවීමට රටේ සංවර්ධනයට එන මුදල කැප කර ප්‍රාදේශිය වශයෙන් රගර් දිය කර හරින්නට ගත් උත්සාහයේ අවසාන පියවරේදී,දේශපාලන අධිකාරිය උත්සාහ කළ යුතුව ඇත්තේ එයට නැවත පණ දෙන්නට,එය විනාශ කළ පිරිසට එරෙහිව රටේ ක්‍රීඩා පරිපාලනය තහනම් කිරීමය.එහෙත් අදත් ප්‍රාදේශීය සංගම්වලින් එකඟ නොවන නිසා ඔවුන්ට රගර් පුටු අහිමි වුව ද,වෙනත් තැන්වල ක්‍රීඩාවන් හී මුල් පුටුවල සැරසී සිටින්නේය.එහෙත් සිඳු විය යුතු සාධාරණය පසෙක තිබියදී මේ මොහොතේ කෙරෙමින් පවතින බව පෙනෙන්නේ, එම පීඩිතයා පණ පිටින් වල දමා පස් දැමීම වැනි ක්‍රියාවක්ය.


ගොවි කම්කරු ධිවර වැනි වැඩ කරන මිනිස්සුන්ගේ දරුවන් හැදුව ආණ්ඩුවක් කියා සිතෙන පරිසරයක,අම්බිගා වැනි තරුණියන් රටේම වේදිකාවල ඡන්ද ආකර්ශණයට යොදා ගත් ව්‍යපාරයක බලය යටතේ,ඔවුන්ගේ සංස්කෘතියට ක්‍රීඩාව නැවත ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට,ඇතුල්වීමට නොහැකි වන මහා ප්‍රාකාරයක් බැඳෙමින් ඇත.ගාල්ල ඔල්කට් වැනි විද්‍යාලයක සාමාන්‍ය පවුලකින් එන දරුවෙකුට රගර් ක්‍රීඩා කරන්නට අවස්ථාවක් දෙන්නනම්,දකුණු පළාත් රගර් පරිපාලනය තව දුරටත් ශක්තිමත් කිරීමට උපකාර කළ යුතු වුව ද,ඔවුන් පාඟා දිය කර එහි අයිතිය ව්‍යවස්ථාමය වශයෙන් එම පංතියට අහිමි කරන්නට ආණ්ඩු ආශිර්වාදය ලැබීම කණගාටුදායකය.


වසර කිහිපයක්ම මේ අශුද්ධ සංධානය දේශිය සහ විදේශීය වශයෙන් ලංකාවේ සාමාන්‍ය පුරවැසියාගේ රගර් අයිතිය අහෝසි කර වරප්‍රසාදිත පංතියක විනෝදාස්වාදයකට ලඝු කරන්නට ගන්නා උත්සාහය වැළකුණේ නීතිය නිසි පරිදි ඉටුවීම නිසාය.පවතින ව්‍යවස්ථාව ඉක්මවා යන්නට එම ව්‍යවස්ථාවේ නියෝජිතයන් නොසළකා හරින ලද රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් මේ අහෝසි කරමින් සිටින්නේ පංතියකට ඇති ක්‍රීඩා හිමිකමක්ය.එම හිමිකම ඝාතනය කරන්නට සුපිරි පංතියේ මිනිසුන්,තමන්ට ඉතා අඩු මුදලකට සැප විඳින්නට ලැබුණු ක්‍රීඩා සමාජ අවන්හලේ කරන සැළසුම් එම පංතියේම බලයලත් දේශපාලනයක් විසින් ක්‍රියාත්මක කරයි නම්,එය කෙතරම් ඛේදවාචකයක් වනු ඇද්ද?


අම්බිගාලාගේ පරම්පරාවල් අපේ මේස මත රසට බොන්නට තබන තේ එකේ රතු මිශ්‍ර වර්ණය,ඔවුන්ගේ රුධිරය බව දැනෙන තරමට වූ කතාවලින් ඉනික්බිති,ඒ ලෙයට,දහඩියට,කඳුළට සාධාරණයක් වෙතැයි සිතූ මිනිසුන්ට, රගර් ක්‍රීඩාවේදීනම් එය ලබා නොදෙන සැළසුම, ඔවුන් ලබා දුන් බලයේම ආශිර්වාදය ඇතුව ක්‍රියාත්මක වෙමින් ඇත.අපි බලා සිටින්නෙමු. පෙන්වා දෙන වරද නිවැරදි කර ගැනීම ලාංකේය දේශපාලන චින්තාවලියේදී අගෞරවයක් යැයි සිතෙන බැවින්,හෘද සාක්ෂියට විරුද්ධව හෝ අනෙකාට අවනත නොවී අසාධාරනයම සුරක්ෂිත කිරීමට කැපවීම සාමාන්‍ය තත්ත්වයකි.දැනටත් ඒ අයිතියට ඇති දුර නිසා අම්බිගාලාගේ දරුවන් වෙනුවෙන් මේ නැති කරන අනාගතය ඔවුන්ට දැනෙන්නේ නැත.තමන්ට නොපෙනෙන තරම් දුරින් ඇති අයිතීන් කියවා ගැනීමත් දේශාපාලනික වැඩක් බව අම්බිගාලාගේ පරිණතවීමෙන් දැනෙනු ඇති දවසක ඔවුන් තමන්ගේ ඉදිරි පරම්පරාවන්ට කළ වැරදි ඉදිරියේ ආත්මීය කම්පනයකින් පසු තැවෙනු ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan