මාලිමාවේ ප්‍රතිඵලය සියයට 80කට වැඩි බව බුද්ධි අංශත් වාර්තා කරලා – හඳුන්නෙත්ති (VIDEO)

Date:

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය 80% කට වැඩි ප්‍රතිශතයක් ලබමින් ජයග්‍රහණය කරන්නේ යැයි බුද්ධි අංශ විසින් ආණ්ඩුවට දැනුම් දී ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“ආණ්ඩුවේ ඔය තුනෙන් දෙකේ බලය ජනතාව විසින් අතුගාලා දාන දවස තමයි මාර්තු 09 වෙනිදා. එදාට තමයි මේ රනිලුයි පොහොට්ටුවයි බයවෙලා ඉන්නෙ. ඒගොල්ලො ඡන්දෙකට නෙවෙයි බය. ඡන්ද ප්‍රතිඵලේට බය. දැන් පරාජය නළලේ ලියලා ඉවරයි. රනිල්ගේ, ගෝඨාභයගේ, රාජපක්ෂලාගේ, ඒ වටේ ඉන්න හෙංචයියලාගේ පරාජය නළලේ ලියලා ඉවරයි. බුද්ධි අංශ ඒගොල්ලොන්ට දීලා තියෙන වාර්තා, සියලුම සමීක්ෂණ වාර්තා සියල්ල කියන්නේ මොකක්ද, ජනතාව දිනවන විසඳුම මාලිමාව ජනතාව පිළි අරගෙන අවසානයි. ප්‍රතිඵලය 80% ට වැඩියි කියන පණිවිඩය දැන් දීලා තියෙන්නෙ. ඉතින් බයවෙන එක අහන්න දෙයක්ද ?”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ අකුරැස්ස ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ රැළියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...