ඡන්දයට සල්ලි දෙන්න අමාරුයි – මුදල් අමාත්‍යාංශ ලේකම් මැ.කො. ට දැනුම් දෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදීමට අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ව ඊයේ (17) දිනයේදී මැතිවරණ කොමිසම හමුවට කැඳවා සිදුකරන ලද සාකච්ඡාවේදී ඔවුන් මේ බව දැනුම් දුන් බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.

පවතින මූල්‍ය අර්බුදය හමුවේ පසුගියදා නිකුත් කෙරුණු චක්‍රලේඛයක් අනුව මුදල් වෙන් කළ හැක්කේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් බවත් එම චක්‍රලේඛයෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර, සෞඛ්‍ය වියදම් යනාදිය අත්‍යාවශ්‍ය සේවාවන් වශයෙන් නම් කර ඇතත් මැතිවරණ කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් වශයෙන් නම් කර නොමැති බවත් එම නිලධාරීන් පෙන්වා දී ඇත.

එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන ආයතන වෙත මුදල් නිකුත් කිරීමට නම් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවට තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එම නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...