ඉන්ධන මිල වැඩි කරන්න බැරි නං බදු ඉවත් කරන්න – ගම්මන්පිල මුදල් ඇමතිගෙන් ඉල්ලයි

0
227

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ගම්මන්පිල ඇමතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

දිගින් දිගටම පාඩු ලබන තෙල් සංස්ථාව බේරා ගැනීම සඳහා මෙම ඉල්ලීම සිදුකරන බවත්, මිල වැඩි කිරීමකින් තොරව අර්බුදය විසඳා ගැනීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බවත් ඔහු සඳහන් කරනවා.

ඉන්ධන අලෙවි කිරීම හරහා දිනපතා රුපියල් මිලියන 550 කට වැඩි පාඩුවක් ලබන බවත්, පසුගිය වසර දක්වා සංස්ථාව ලබා ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 83,000 ක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

දැනට ඉන්ධන අර්බුදයක් මතුව තිබෙන්නේ ඩොලර් නොමැතිවීම හේතුවෙන් බව පෙන්වා දෙන ගම්මන්පිල ඇමතිවරයා පවසන්නේ ඉදිරියේදී රුපියල් නොමැතිවීම හේතුවෙන් අර්බුදය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් මතුව ඇති බවයි. අර්බුදය සමනය කර ගැනීම සඳහා එක්කෝ මිල වැඩිකළ යුතු බවත් එසේ නොමැති නම් ආණ්ඩුව තෙල් සංස්ථාවට සහනාධාරයක් ලබාදිය යුතු බවත් ඔහු පවසනවා. එම ක්‍රියාමාර්ග දෙකම ගත නොහැකි නම් ඉන්ධන අලෙවි හරහා රජය අය කරන බදු ඉවත් කළයුතු බවද ඔහු පවසයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here