විදෙස් සංචාරකයන් වෙනුවෙන් කළ අපූරු වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): රුපියල් මිලියන 20ක් වැය කරමින්, විදෙස් සංචාරකයන් වෙනුවෙන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ඉදිකළ විශේෂ පහසුකම් සහිත ගොඩනැගිල්ල අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි.

ආකර්ෂණීයම දුම්රිය ස්ථාන අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය මෙන්ම ඒ අවට සංචාරක ස්ථාන නැරඹීමට බොහෝ පිරිසක් දෛනිකව පැමිණෙන අතර, ඔවුන් වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා  ඉදිකළ නව ගොඩනැගිල්ල මාර්ගෝපකරණ කාමරය , විදේශීය සංචාරක විවේක කාමරය , ආපනශාලා ඇතුලු පහසුකම් වලින් සමන්විතයි.

සංචාරක අමාත්‍යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර ඒ සදහා වැය කළ මුදල් රුපියල් මිලියන 20ක් බව පැවසේ.

මේ අතර 2048 දියුණු ශ්‍රී ලංකාවක් වැඩපිළිවෙල යටතේ ඇල්ල ලක්සල ප්‍රදර්ශනාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණු අතර, ග්‍රාමීය හස්තකර්මාන්ත නිර්මාණ සදහා වෙළෙඳපොළ පුළුල් කිරීමේ අරමුණින් මෙය ආරම්භ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...

වසරක් තුළ තොග පිටින් ආ මත්ද්‍රව්‍ය!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 වසරේ ජනවාරි...