ටයිටැනික් හි කපා දැමූ දර්ශනයක් පිළිබඳ මතකය ඇවිස්සූ පුංචි කෝරා!

Date:

සටහන – පුලී
පෙබරවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මීට දශක කිහිපයකට පෙර ටයිටැනික් චිත්‍රපටයෙහි අලගිය මුලගිය තැන් ඔබට යම් ආකාරයකින් හුරුපුරුදු නම්, ඔබට පුංචි Alexandrea Owens-Sarno ගේ භූමිකාව මතකයෙහි වන්නට ඇත. ඒ කෝරා(Cora) ලෙසය. තුන්වන පන්තියේ මඟියෙක් වන ජැක්, ධනපති පන්තියේ රෝස් සමඟ ඇතිකරගත් පෙම් පලහිලව්වක් වටා ගිය මෙම චිත්‍රපටය රූගත කරන විට ඇලෙක්ස්ට යන්තම් වයස අවුරුදු 8 ක් පමණ වී තිබිණි.

මෑතකදී, ඇලෙක්ස් ටයිටැනික් නිර්මාණයෙහි රූගත කිරීම් පිළිබඳ ඇගේ අත්දැකීම් කෙටියෙන් බෙඳාගත් අතර, එහිදී ඇය ලියනාඩෝ සහ කේට් සහ ඇයගේ සහෝදරිය වන රේචල් සමඟ ගත් ඡායාරූපයක් පිළිබඳවද තතු විවර කළාය. එය ඇයගේ ප්‍රියතම ඡායාරූපයක් වන බවත්, එහි සිටින අති දක්ෂ රංඟනශිල්පියෙකු සහ රංඟනශිල්පිනියක් සමඟ වැඩ කිරීමට ලැබීම ඈ ලද භාග්‍යයක් බවත් පැවසීය.

ලියනාඩෝ හෙවත් ජැක් හරිම විනෝදජනක, ආකර්ශනීය අයෙකු බවත්, ඔහු සියල්ලන්ගෙම මූණට සිනහවක් එක් කරන්න ප්‍රිය කළ බවත් ඇය පැවසීමට අමතක නොකළාය.

ඇය මීට අමතරව ටයිටැනික් රූගත කළ අවස්තාවේ දී කැපූ දර්ශනයක් පිළිබඳව ද සිය මතකය අවධි කරන්නට විය.

ඇය සඳහන් කරන කැපුම් දර්ශනය ටයිටැනික් නෞකාව ගිලී යන විට ඇය සහ ඇගේ පවුලේ අය දියේ ගිලී යන ආකාරය පෙන්නුම් කළ සිද්ධියකි.
එවැනි දෙයක් මව්වරුන් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද බවත්, නරඹන්නන් එම දර්ශනය ඕනෑවට වඩා වැඩි යැයි සිතූ බවත් එහිදී පැහැදිලි කෙරිණි.

මකා දැමූ දර්ශනය ඔන්ලයින් නැරඹිය හැකි වුවත්, එය ඉතා ම්ලේච්ඡ සිදුවීමක් පිළිඹිබු කරයි. කෝරා සහ ඇගේ පවුලේ අය නැවේ පහළ මට්ටමේ අගුලු දැමූ ගේට්ටුවක් පිටුපස සිරවී සිටින බව පෙන්නුම් කරමින් ඔවුන් වටා ජලය ගලා එමින්, පැන යාමට මාර්ගයක් නොමැති බවක් පෙන්නුම් කරයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...